හපුතලේ රත්කරව්ව බොක්කේඇල්ල ගමේ මාර්ගයක් අසළ පාලමක ගෙල වැලලාගෙන මියගිය වයස අවුරුදු 22ක පමණ තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී තිබේ. මියගොස් සිටින තරුණයා හොදින් හැද පැළද සිටින බවත් ඔහු පැළද සිටින අවු කණ්නාඩිය පවා නොගැල වී තිබීම පිළිබදව සැකයක් හටගෙන තිබෙන බවත් වාර්තා වේ.
මේ තරුණයා එම ගමේ තරුණියක හා ප්‍රේම සබදතාවයක් පවත්වා තිබෙන බව වාර්තා වන අතර මේ වන විට ඒ නිවසේ තරුණිය හා ඇගේ පියා ගමෙන් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ.
No comments:
Post a Comment