Saturday, November 10, 2012

බන්ධනාගාර ගැටුමේ බිහිසුණු අත්දැකීමෙන් පසු…..

ඊයේ සවස් කාලයේ සිට රාත්‍රී කාලය දක්වා වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් විශාල දේපොල හානියක් ද සිදු වී තිබේ.
ඊයේ රාත‍්‍රි 11 පමණ වනවිටත් යුද හමුදාව සහ බන්ධනාගාරයේ සිරකරුවන් අතරේ වෙඩි හුවමාරුව සිදුවෙමින් තිබිණ. මෙම වෙඩි හුවමාරුව රූපවාහිණී නාලිකා මගින් සජීවී ලෙස විකාශය කළ අතර පැය හයකටත් අධික කාලයක් තිස්සේ එක දිගට සිදු වූ පිපිරුම් සහ වෙඩි හඩ ජනතාවට යළි සිහිපත් කර දුන්නේ උතුරු නැගෙනහිර බිහිසුණු යුද සමයේ ඇතැම් අවස්ථාවන්ය.
මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිරකරුවන් 23ක්, විශේෂ කාර්ය බලකා සෙබලූන් 13ක්, යුද හමුදා සෙබලූන් 04 ක්, පොලිස් නිලධාරියෙක්, ජේලර්වරයෙක් සහ සිවිල් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙති.
මේ අතර මෙම සිද්ධිය සමගින් පලාගිය සැකකරුවන් සහ බන්ධනාගාර අවි ගබඩාව කඩා පැහැර ගත් අවි ආයුධ සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර රැදවියන් බොහෝ දෙනෙක් මිනී මැරුම්, මංකොල්ල කෑම්, ස්ග්‍රී දූෂණ. මත්කුඩු තිප්පොලවල් පවත්වාගෙන යාම වැනි දරුණු අපරාධ වලට වැරදි කරුවන් වී එල්ලුම් ගසට නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වූවන් බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

No comments: