කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව නොතකමින්
සරත් ෆොන්සේකා මහතාගේ රැස්වීමට සහභාගි වූ බව තහවුරු වූ තවත් ප්‍රාදේශීය සභා
මන්ත්‍රීවරු 11 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය
තීරණය කර තිබේ. කොළඹ හයිඩ් පිටියේදී
ඉකුත් ඔක්තෝබර් 18දා පැවැති එම රැස්වීමට සහභාගි වූ බව තහවුරු වූ එම
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 11 දෙනාට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමේ ලිපි
නිකුත් කර ඇත.
ඒ අනුව අනුර
බණ්ඩාර වන්නිනායක (නිකවැරටිය ප්‍රාදේශීය සභාව), කපිල බණ්ඩාර ජයසුන්දර
(නිකවැරටිය ප්‍රාදේශීය සභාව), සමන් ආලෝක බණ්ඩාර (නිකවැරටිය ප්‍රාදේශීය
සභාව), එස්.ඒ.එම්. විජිත ප්‍රේමලාල් (කොබෙයිගනේ ප්‍රාදේශීය සභාව), රෝහණ
ශ්‍රී ලාල් දිනපූර්ණ (නාරම්මල ප්‍රාදේශීය සභාව), චමින්ද සෝමරත්න (කුරුණෑගල
ප්‍රාදේශීය සභාව), අරුණ ජයලත් (අලව්ව ප්‍රාදේශීය සභාව), අනුෂ්ක ප්‍රියශාන්ත
(ආනමඩුව ප්‍රාදේශීය සභාව), අසේල ප්‍රේමලාල් (ආනමඩුව ප්‍රාදේශීය සභාව),
සුනිල් නිශ්ශංක (කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව), නිමල් ඒකනායක (පුත්තලම
ප්‍රාදේශීය සභාව) යන මන්ත්‍රීවරුන්ට එලෙස පක්ෂ සාමාජිකත්වය අත්හිට වූ ලිපි
නිකුත් කර ඇත.
No comments:
Post a Comment