Thursday, November 8, 2012
නම් දෙකේ චීවරධාරියාගේ ‘ ඩබල් ගේම්’
ජනාධිපති
ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ සහ අසභ්‍ය ලිංගික දර්ශන අතුළත් ඡායාරූප
බොහොමයක් ළඟ තබාගෙන ව්‍යාජ නමකින් පෙනී සිටි චීවරධාරියෙකු හා තවත් තරුණයෙකු
සැකපිට වැලිඔය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. වැලිඔය පොලිසියට ලැබුණු
තොරතුරකට අනුව වැලිඔය ඇතා වැටුණු වැව විහාරස්ථානයේදී ඉකුත් 06 වන දා තරුණයා
හා චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත. චීවරධාරියා රත්මලානේ පාලිත හිමි නමින්
පෙනී සිට ඇතත්, පොලිසියට හමුවූ හැඳුනුම්පතක චීවරධාරියාගේ නම වශයෙන් සඳහන්
වී ඇත්තේ මිද්දෙනියේ උදිත නමින් බව පොලිසිය පවසයි. චීවරධාරියා මෙම
ප්‍රදේශයට මීට වසර කිහිපයකට ඉහතදී පැමිණ ඇති අතර තමන් වහන්සේ කතරගම
කිරිවෙහෙරේ විහාරාධිකාරි හිමි බවත්, තවත් පිරිසකට කැළණියේ රජමහා විහාරයේ
විහාරාධිකාරි බවත්, පවසා ඇත. මිහින්තලය රජමහා විහාරයෙන් දැනට නෙරපා සිටින
හිටපු විහාරාධිපති පූජ්‍ය නාමල් වැව රතනසාර ස්ථවීරයන් හා අනුරාධපුර
බුද්ධශ්‍රාවක් භික්‍ෂු විශ්ව විද්‍යාලයේ කඨිකාචාර්ය හිමි නමක් සමඟ
මිහින්තලා රජමහා විහාරයට අයත් මිහින්තලය නගරයේ පිහිටි විහාරස්ථානයක වාසය කර
ඇති බව ද, පොලිසිය පවසයි. චීවරධාරියා අත්අඩංගුවට ගෙන සිදුකළ පරික්ෂණ වලදී
ළඟ තිබූ ලැප්ටොප් පරිඝණකයක අසභ්‍ය ලිංගික දර්ශන ඇතුළත් ඡායාරූප 450 ක් පමණ
තිබූ බවද පොලිසිය පවසයි. ඊට අමතරව අත්අඩංගුවට ගත් චීවරධාරියා වැලිඔය,
පූනෑව, මහකුඹුක්වැව, වෙල්ලමුල්ල වයික්කාල්, මුහමාලේ, නාගදීපය වැනි
ප්‍රදේශවල මාස ගණනාවක් තිස්සේ සැරිසරා ඇති බවද පොලිසිය පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment