Thursday, November 8, 2012
මුත්‍රා පරීක්ෂණය ලිංගික අතවරයකට පෙරළා වෛද්‍යවරයා පලා ගිහිං
මුත්‍රා
පරික්ෂණයක් සඳහා රෝහලට ගිය 20 හැවිරිදි තරුණියකට ලිංගික අතරවරයක් කළ
නිකවැරටිය රස්නායකපුර රෝහලේ වෛද්‍යවරයෙක් ප්‍රදේශයෙන් පලාගොස් තිබේ. මෙලෙස
අතවරයට පත්ව ඇත්තේ නිකවැරටිය රස්නානායකපුර කඩිගාව පදිංචි තරුණියකි. මුත්‍රා
පරික්ෂණය සඳහා තම නිල නිවාසයට එන ලෙස පවසා එම තරුණිය උපක්‍රමශීලීව සිය නිල
නිවසට කැඳවාගෙන ඇති රස්නානායකපුර රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා එහිදී ඇයට මෙම
අතවරය සිදු කොට තිබේ. සිද්ධිය පිළිබඳව සැලවූ විට රස්නානායකපුර පොලිසිය
විසින් කාන්තාව නිකවැරටිය රෝහලටත් වැඩිදුර පරීක්ෂණ සඳහා කුරුණෑගල රෝහලටත්
ඇතුලත් කළ අතර එහි විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එස්. මල්ලික සේනානායක මහතා
තහවුරු කොට ඇත්තේ ඇයට ලිංගික අතවරයක් සිදුව ඇති බවය. ඒ අනුව නිකවැරටිය
වැඩබලන පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් මත පරික්ෂණ සිදුකෙරේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment