Thursday, November 8, 2012

ගාල්ලේ මැණික් මුදලාලි කෙනෙක් ආ ගිය අතක් නෑ....

                             මැණික් ව්‍යාපාරිකයෙකු  යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී  ගාල්ල ගිංතොට පාලම මතදී අතුරුදන් වී ඇති අතර ඔහු ගමන් ගත් යතුරු පැදිය පාලම මත නතර කර තිබීමේ සිද්ධියක් නිසා අද (08 වනදා) උදෑසන සිට ගිංතොට පාලම ආසන්නයට එක් රොක් වූ විශාල පිරිසක් තුළ බරපතල කුහුලක් හා සැකයක් නිර්මාණය වෙමින් තිබිණ.
                        මේ අතර එම ව්‍යාපාරිකයා ගිංඟගට පැන්නාද, කිසි‍වකු විසින් පැහැර ගත්තාද, එසේත් නැත්නම් පලාගොස් සැඟවුනාද, යන්න පිළිබඳ සැක මතුවෙමින් පැවතුණ අතර විශාල පිරිසක් ගිංතොට පාලම දෙපස පෙළ ගැසී ගිංගඟ දෙස විමසිල්ලෙන් බලා සිටිනු දක්නට ලැබිණ. ඔවුන් මෙසේ විමසිලිමත් වෙන අතර නාවික හමුදා කිමිදුම් කරුවන් පිරිසක් ඔහු සෙවීමේ කටයුතු වල නිරතව සිටුණු දක්නට ලැබිණි.
                         මෙම මැණික් ව්‍යාපාරිකයා මුදල් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බවටත් කරුණු හෙළිවෙමින් තිබුණි.  ගාල්ල පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුණු අතර අද සවස් වන තුරුත් තොරතුරක් අනාවරණය වී නොමැත.

No comments: