කුරුණෑගල, මාස්පොත මහා විදුහලේ සිසු දරු දැරියන් තිස් දෙනෙකු පමණ ‘ඒ’
විටමින් දියරය පානය කිරීමෙන් පසු ආසාධනයකට ලක් වී කුරුණෑගල ශික්ෂණ රෝහලට
ඇතුළත් කර තිබේ.අද (06 වනදා) පෙරවරුවේ මෙම විදුහලේ 4 සහ 7 වැනි ශ්‍රේණිවල
ඉගෙනුම ලබන සිසු දරු දැරියන් සඳහා කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
කාර්‍යාලය මගින් මෙම විටමින් දියරය ලබා දී ඇත.
වාර්ෂික පාසල් සෞඛ්‍ය වැඩ පිළිවෙලක් යටතේ මෙය
ක්‍රියාත්මක විණ. පාසලේ ළමුන් සිය දෙනෙකුට පමණ මෙම විටමින් දියරය ලබා දී
ඇත. පසුව මින් ළමුන් තිස් දෙනෙකුට පමණ වමනය, ක්ලාන්තය සහ හිසේ කැක්කුම හට
ගැනීම නිසා දෙමව්පියන් සිය දරුවන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
දරුවන්ට තදබල අමාරුවක් නැති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
No comments:
Post a Comment