Tuesday, November 6, 2012

විදුහල්පතිට ගුටි ඇන්න කොලු තාත්තලා අල්ලයි....

මාවනැල්ල මයුරපාද ජාතික පාසැලේ විදුහල්පතිට පහර දීමේ සිදුවීමට අදාල සැකකරුවන් තිදෙනෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. විදුහල්පති කේ.එස් රණසිරි මහතා තුවාල ලබා මේ වනවිට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
විදුහල්පතිවරයා ඊයේ(05 වනදා) සේවයේ යෙදී සිටින විට පැමිණි තරුණයින් තිදෙනා මේ පහර දීම සිදුකොට තිබේ. පාසලේ සිසුවියකට කළ දඬුවමක් පිළිබඳව ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මේ සිදුවීම ඇතිවූ බවත් මේ වනවිට එම දඬුවම් ලද සිසුවියද රෝහල් ගතව සිටින බවත් පොලිසිය පවසයි.

No comments: