Tuesday, November 6, 2012

සෙල්ලම් පිස්තෝලයෙන් වැඩ දැමූ බොරු වැඩකාරයෙක් මාට්ටු…

කාන්තාවකගේ ගෙල බැදි රන් මාලයක් වැල්ලවත්ත ගල්වල පාර, සුභූති හන්දිය අසලදී කොල්ලකා පා පැදියකින් පලා යාමට තැත් කළ පුද්ගලයෙක් ප්‍රදේශවාසීන් හා පොලිස් නිලධාරියෙකුගේ මැදිහත් වීමෙන් අල්ලාගෙන තිබේ.
සැකකරු සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාලය , කොල්ල කෑමට යොදාගත් පා පැදිය, පොලිස් අත්අඩංගුවට පත්විය. සැකකරු රන් මාලය කොල්ල කා පැන යනවිට ප්‍රදේශවාසීන් ඔහු ලුහු බැද තිබෙන අතර ඒ මොහොතේ ඔහු පිස්තෝලයක් පෙන්වා ඔවුන්ව බිය ගන්වා තිබේ. කෙසේ වෙතත් පොලිස් නිලධාරියෙකු මැදිහත්ව ඔහු අල්ලාගෙන තිබෙන අතර ඔහු සතුව තිබූ පිස්තෝලය ප්ලාස්ටික් එකක් බව පසුව හෙලි වී තිබේ. සැකකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

No comments: