යුදමය වාතාවරණයක් ඇති නොවීම සඳහා හොඳම මාර්ගය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු
කිරීම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජාතික සමඟිය ඇති කිරීම සඳහා බේද නොමැති රටක් ගොඩනැඟිය යුතු බව පෙන්වා දුන්
ජනාධිපතිවරයා යුද්ධ කරනවාට වඩා යුද්ධය වළක්වා ගැනීම ප්‍රඥාගෝචර බව ප්‍රකාශ
කළේය.
ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලයේ 22 වැනි උපාධි ප්‍රදානෝත්සවයට අරලියගහ මන්දිරයේදී ඊයේ
(2) එක්වෙමිනි. මෙවර උපාධි ප්‍රදානෝත්සවයේ සෑම අතින්ම දක්ෂ නිලධාරීයාට හිමි
අසිපත ලුතිනන් ජේ. බී. පුන් විසින් දිනා ගන්නා ලදී.
මිට වසර හතරකට පෙර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ
නිලධාරීන් නික්ම ගියේ සංග්‍රාම භූමියකට වුවත් අද මේ නිලධාරීන් නික්ම යන්නේ
අනාගතයේදී සංග්‍රාමයෙන් තොර රටක් ඇති කිරීම පිණිස බව ජනාධිපතිවරයා
පැවසීය.
හමුදාව සතු අධ්‍යාපනය, විනය, නීතිගරුක බව සිවිල් වැසියන්ට ලබා දීමට කටයුතු
කරන විට එය රට මිලිටරීකරණය ලෙස ඇතැමුන් අර්ථකථනය කළත් එතුළින් සිවිල්
ජීවිත ගොඩනැඟීමට කටයුතු කිරීම අලුත් දෙයක් ලොවට හඳුන්වා දීමක් ලෙස තමා දකින බව
ජනාධිපතිවරයා කීවේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, කොතලාවල
ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ජෙනරාල් රොහාන් දලුවත්ත, උපකුලපති මේජර්
ජෙනරාල් මිලින්ද පීරිස් මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා
ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වුහ.
No comments:
Post a Comment