Thursday, November 15, 2012
ආරි කන්නන්ගර මහතා මියයයි
1970 දශකයේදී එංගලන්තයේ ආරම්භ කරන ලද
ට්රයයිකෝ සමාගමේ සමාරම්භක අධ්යකක්ෂදවරයෙකු වූ ආරි කන්නන්ගර මහතා අවුරුදු
67 ක් ආයු වළඳා පසුගියදා අභාවප්රාප්ත වූයේය. මියයන අවස්ථාව වනවිට ඒ මහතා
ට්ර යිකෝ ජාත්ය න්තර සමාගමේ සභාපති ධූරයද හෙබවීය. එමෙන්ම ශ්රීන ලංකා ජාතික
ජල ජීවී සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය සහ ශ්රී. ලංකා ආධුනිකත්ව මලල
ක්රීිඩා සංගමයේ සභාපති ධූරද හෙබවූ අතර ජාතිය වෙනුවෙන් අගනා සේවයක් ඉටු
කළේය. ඉහළ ඌවේ වැලිමඩ නගරයේ නැසීගිය කීර්තිමත් වෙළෙඳ ව්යාාපාරිකයෙකු වූ ඩී.
ඩී. කන්නන්ගර
මැතිතුමා ඔහුගේ පියාය. දොන් චන්ද්රටසෝම කන්නන්ගර, පියසිරි, චන්දි
(නැසීගිය), ජයන්ත, ගාමිණී සහ අශෝකා, වසන්තා, නන්දනී යන සොයුරු සොයුරියන්ගේ
වැඩිමල් සොහොයුරා වන ආරි කන්නන්ගර මහතා එක්දරු පියෙකි. බිරිඳ ශාමලී, පුතා
ඝෝෂක, ලේලිය ඒෂාණි ය. විදේශ රටවල රැකියා කරන ශ්රී ලාංකිකයින් උදෙසා
පුළුල් සේවාවක් සහ සුබ සාධන කටයුතු රැසක් ඉටු කරමින් සිටි ආරි කන්නන්ගර
මහතාගේ අභාවය ශ්රීබ ලංකිකයින්ට පිරිමසාලිය නොහැකි පාඩුවකි. අවසාන කටයුතු
නොවැම්බර් මස 17 වැනි සෙනසුරාදා සවස 5.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී
සිදු කෙරේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment