Thursday, November 15, 2012

අජිත් කුමාර ස්වාධීන වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී අජිත් කුමාර මහතා අද (15) සිට පාර්ලිමෙන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. අයවැය ලේඛණය ඉදිරිපත් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස තම කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතාගෙන් හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයාගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් සිය ඉල්ලීම් භාර නොගත් බවත් තමන් දරණ දේශපාලන මතය හේතුවෙන් මෙවැනි තත්වයක් උද්ගත වන්නට ඇති හෙයින් තමන් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඒ මහතා පවසයි.

No comments: