මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලියේ තෙවන තරගයෙන් කඩුළු 7ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනාගත් නායක මහේල ජයවර්ධන පළමුවෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට පැවරුවේය. වරින් වර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය පන්දු වාර 33කට සීමා කෙරිණි. අදාල පන්දුවාර 33 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුළු 6 කට ළකුණු 196 ක් ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි තිලකරත්න ඩිල්ෂාන් තරගයේ අවසානය තෙක් පිටියේ රැදී සිටිමින් පන්දු 95ක් තුලදී නොදැවී ළකුණු 102ක් රැස් කිරීමට සමත් විය. ඔහුට මනා සහයක් ලබා දෙමින් උප නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ළකුණු 54ක් ලබා ගැනීමට සමත් විය. 32 වන පන්දු වාරයේ පළමු පන්දුවෙන්ම හතරේ පහරක් එල්ල කරමින් හ්‍රී ලංකාවේ ජය වාර්ථා කිරීමට මැතිව්ස් සමත් විය. එම 4 පහර සමග ශ්‍රී ලංකා ළකුණු පුවරුව කඩුළු 3 කට ළකුණු 200 ක් ලෙස සටහන් විය.
මෙම තරගයේදී ඩිල්ෂාන් ලැබූ ශතකය නවසීලන්තයට එරෙහිව ඔහු ලැබූ පළමු එක්දින ශතකයයි. මෙම තරගාවලියේ එකම පන්දු වාර 20 තරගය වර්ෂාව නිසා තීරණයක් නොමැතිව අවසන් විය. පළමු එක්දින තරගය ද වර්ෂාව නිසා අත්හැර දැමීමට සිදුවිය. දෙවන එක්දින තරගයද ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාවට ජය හිමිවිය.
මෙම තරගාවලියේ මේ වන විට 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටී. මීලග තරග 2 සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඉන් අනතුරුව ටෙස්ට් තරග ආරම්භ වේ.

No comments:
Post a Comment