Sunday, November 4, 2012
මහසෝන් බෝක්කුව ළඟ මරා දමා සිටි හතර දෙනා හඳුනා ගනී
ගාල්ල,පොද්දල පොලිස් වසමේ බලගොඩ, වල්පිටවත්ත, මහසෝන් බොක්කුව අසල අද (04) උදේ දෑත්,දෙපා
සහ දෑස් ගැට ගසා වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයින් හතර දෙනා කාගේ
කවුරුන්දැයි මේ වනවිට අනාවරණය වී තිබේ. අමිල නිශාන්ත, ජයසේකර මොහොට්ටිගේ
ජනක, ජනක පුෂ්පකුමාර, මලිත් මධුසංඛ යන හතර දෙනා මෙසේ ඝාතනය කර තිබේ.
මොවුන් ගාල්ල, ඇත්තිලිගොඩ, වංචාවල සහ අම්බලන්ගොඩ පදිංචිකරුවන් බව පොලිසිය
කියයි. සිද්ධිය වූ ස්ථානයට අද උදේ පැමිණි බද්දේගම අතිරේක මහේස්ත්‍රාත්
බුද්ධිකා එදිරිසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ
පරීක්ෂණය සිදු කිරීම සඳහා මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන
ලෙසට පොලිසියට නියෝග කළාය.
මීට සති දෙකකට ආසන්න කාලයේ දී ගාල්ල නගරයේ ඩික්සන් හන්දියේ දී
ව්‍යාපාරිකයකුගේ අත් පා වෙන්වන ලෙස කපා පිරිසක් විසින් ඝාතනය කර තිබුණි. එම
ඝාතනය අනුව මෙම සිව් ඝාතන සිදු වී ඇතැයි පොලිසියට වාර්ථා වී තිබේ. ගාල්ල
පළාතේ කල්ලි දෙකක් අතරේ කාලයක් තිස්සේ සිදුවන ගැටුම්වල ප්‍රතිපලයක් ලෙස මෙම
සිද්ධිය සැලකේ. ගාල්ල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ පෝද්දල පොලිසිය
එක්ව වැඩිදුර විමර්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment