දිවි නැඟුම පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායක චමල් රාජපක්ෂ
මහතා විසින් හෙට (06) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතය.
ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා දිවි නැඟුªම පනත සම්බන්ධව ඉදිරි
කටයුතු සිදුකරනුයේ කෙසේදැයි හෙට කරුණු දැක්වනු ලැබේ.
නව පනත ඉතා ඉක්මනින් ඉදිරිපත් කොට ක්‍රියාත්මක කරන්නැයි ඊට සහාය
පළ කරමින් හෙට දහවල් පාර්ලිමේන්තු වටරවුමේදී ජනතා උද්ඝෝෂණයක් පැවැත්වේ.
මේ
සඳහා ශ්‍රීලංකා සමෘද්ධි අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය, උඩරට ගැමි
පුනරුත්ථාපන අධිකාරිය, සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, උඩරට
ගැමි පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව යන ආයතනවල සේවකයෝ, ඒවායේ නිලධාරීහු,
ප්‍රතිලාභීහු විශාල පිරිසක් මීට එක් වෙති.
No comments:
Post a Comment