පෝද්දල
වල්පිට දී ඊයේ (4) උදෑසන වෙඩි තබා ඝාතනය කර සිටි තරුණයන් සිව් දෙනාගේ මරණය
සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පෝද්දල පොලිසිය ඊයේ සවස් වන විට සැකකරුවන් සිවු දෙනකු
අත්අඩංගුවට ගැනීමට සමත් විය.
ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල අම්බලන්වත්ත ජේ. ඇම්. ජානක (30), මලික් නිශාන්ත (18),
ඒ. පුෂ්පකුමාර (25) සහ පිලාන වංචාවල ඩබ්ලිව්. අමිල නිශාන්ත (25) යන සිවු දෙනාය.
මීට දින කීපයකට පෙර ගාල්ල ටැල්බට් ටවුමේදී මහ දවල් ව්‍යාපාරිකයකු වන කුමාර
සෙනවිරත්න නැමැති අය කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ මොවුන් සැකකරුවන් වූ බව
පොලිසිය පවසයි.
මිය ගිය සිවු දෙනාගේ සිරුරු තේ වත්තට යන පාරේ එකම ස්ථානයක වැටී තිබුණි.
බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් බුද්ධිකා එදිරිසිංහ මහත්මිය ඝාතන සිදුවු
ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළ
සිරුරු කරාපිටිය මහ රෝහල වෙත යවන ලෙස පොලිසියට නියෝග කළාය.
මිය ගිය අයගේ ඥාතීහු පැමිණ මළ සිරුරු තුනක් එහිදී හඳුනාගනු ලැබූහ. මේ තරුණයින්
සිවු දෙනා වෙනත් ස්ථානයක ඝාතනය කොට මේ ස්ථානයට ගෙනෙවිත් දමා ඇතැයි පොලිසිය සැක
කරයි.
පසුගිය සතියේදී ගාල්ල නගර මධ්‍යයේදී කපා කොටා ඝාතනය කළ සමන් කුමාර සෙනෙවිරත්න
යන ව්‍යාපාරිකයාගේ ඝාතනයත් මෙම සිද්ධියත් අතර සම්බන්ධතාවක් ඇතැයි
ප්‍රදේශවාසීහු විශ්වාස කරති. කල්ලි දෙකක් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක්
වශයෙන් මෙම මිනීමැරුම් සිදුව ඇති බවට සැකකරන අතර සැකකරුවන් අත්අඩංගුවට
ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි පෝද්දල පොලිසිය
පරීක්ෂණ පවත්වයි.
ගාල්ල පෝද්දල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමකින් මියගිය හතරදෙනාගේ
ඝාතනයන් සම්බන්ධයෙන් සැකකරුවන් 04 දෙනෙකු ඊයේ (64) අක්මීමන දී
අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට ලද තොරතුරකට අනුව මේ සැකකරුවන් 4
දෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 04 දෙනා අක්මීමන පොලිසියේ විශේෂ
පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන පෝද්දල පොලිසියට භාරදී ඇති බවද ඔවුන්
රැඳවුම් නියෝග මත පෝද්දල පොලිසිය මගින් ප්‍රශ්න කරගෙන යන බවද පොලිස් මාධ්‍ය
ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසීය.
No comments:
Post a Comment