Friday, November 9, 2012
පර අඹුව සමග නිදා සිටි පුද්ගලයා පොරෝ පහරින් නසී
පර
අඹුව සමග නිදමින් සිටියදී පොරෝ පහර කෑ තිදරු පියෙක් මහනුවර මහ රෝහලේ දී
මරුමුවට පත්විය. මාතලේ, මාතලාපිටිය, හයිවෝල්ටන් ජනපදයේ පදිංචි 46 හැවිරිදි
පුද්ගලයෙක් මෙම මරණයට ගොදුරු වී ඇත. පොරෝ පහර කෑ පුද්ගලයා මුලින්ම මාතලේ
රෝහලට ඇතුළත් කර ඇති අතර තත්ත්වය බරපතල වූයෙන් මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි
සත්කාර ඒකකයට ඇතුළත් කොට සිටියදී මරුමුවට පත් වී ඇත.අනියම්
සම්බන්ධය පැවැත්වූ කාන්තාවගේ සැමියා විසින් මෙම පොරෝ පහර දීම සිදුකර ඇති බව
මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත. සිය බිරිඳ සමග මියගිය අය පැවැත් වූ රහස්
සම්බන්ධය සැමියා දැන සිට ඇත. වෙනදා මෙන් රැකියාවට යන බව පවසා නිවසින් පිට
වී ගිය සැමියා මග රැක සිට සොර සැමියා නිවසට ඇතුළු වූ පසු නිවසට කඩා වැදී
පොරොවෙන් පහර දී තිබේ. මෙම පොරෝ පහරවලින් බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද
මාතලේ රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පළාතෙන් පැන ගොස් ඇතැයි යටලවත්ත පොලිසය
පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment