Friday, November 9, 2012

මෙහෙකාරිය පුළුස්සා වද දුන් සමාජ සේවිකාව අත්අඩංගුවට

මාතලේ ප්‍රදේශයේ ප්‍රකට සමාජ‍ සේවිකාවක් ඉතා කෲර ආකාරයට සිය මෙහෙකාරියට වද දී ඇති අතර මෙහෙකාරිය මාතලේ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ පොලිසිය සමාජ සේවිකා සැකකාරිය අද (09) අත්අඩංගුවට ගත්තේය. මෙම සමාජ සේවිකාව සිය මෙහෙකාරිය පුළුස්සා ඇයට පහරදීම් සිදුකර තිබූ බව මාතලේ පොලිසිය පවසයි. මාතලේ කළුදෑවල, ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි රත්තොට, කුරුවාව ප්‍රදේශයේ ප්‍රේමලතා (24) නැමැති තරුණිය , සැකකාරියගේ පහර දීම් සහ පිළිස්සුම් තුවාල හේතුවෙන් මාතලේ මහ රෝහලට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට පියවර ගත් බව මාතලේ පොලිසිය කියයි. සැකකාර කාන්තාව අද සවස මාතලේ ම‍හේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණූවීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ වැඩ බලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්‍යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments: