Thursday, November 15, 2012
බේත් අල්මාරිවලට ඉබි යතුරු වැටේ රෝගීන්ට බේත් ෆාමසිවලින් සපයයි
මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ දඹුල්ල මූලික
රෝහල් සහ අනෙකුත් ප්‍රාදේශීය රෝහල්වල රෝගි සත්කාර සේවාවන් අඩාල වී ඇත.
සමස්ත ලංකා හෙද සංගමය සහ රජයේ හෙද නිලධාරින්ගේ සංගමය අද (15) පෙරවරු 7 සිට
ආරම්භ කළ එක්දින සංකේත වර්ජනය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. විශේෂයෙන්
බ්‍රස්පතින්දා දිනයේ පැවැත්වෙන බෝවන රෝග සායනයන් සම්පූර්ණයෙන් අඩාල වී තිබූ
අතර ඊයේ (14) රාත්‍රියේ සිට අද අළුයම් කාලය දක්වා දිගු පෝලිම්වල රැස් වී
සිටි රෝගීන් දැඩි නොසන්සුන්කාරි තත්ත්වයකට පත් වී සිටියහ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් ආරක්ෂාවද රෝහල්වලට ලබා දී
තිබුණි.රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා ඒකක වසා තිබෙනු දකින්නට
ලැබුණි.නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන් අඩාල
වී තිබුණි. ඔවුනට උදෑසන හා දහවල් ලබා දිය යුතු එන්නත් හා ඖෂධ වර්ග නොලැබුණ
තත්ත්වයක් වාර්තා වුණි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට අයත් හෙද හෙදියන්
යම් ප්‍රමාණයක් සේවයට වාර්තා කර සිටියත් සමස්ත රෝහල් පද්ධතියේ තිබූ සේවා
පවත්වා ගෙන යාමේ ගැටළුකාරි තත්ත්වයකට එම හෙදියන් මුහුණ දුන්හ.කෙසේ වෙතත්
දහවල් වනවිට රෝහල් කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සහය ඇතිව වෛද්‍යවරුන් විසින්
සායනික රෝගීන්ට ප්‍රතිකාර සේවා සිදුකරනු අපට දකින්නට ලැබිණ. නේවාසික
රෝගීන්ගේ ඖෂධ වට්ටෝරු පුද්ගලික ඖෂධ සල්වලින් රැගෙන රෝගීන්ට ලබා දීමට
වෛද්‍යවරුන් නිර්දේශ කළ බව රෝගීන්ගේ ඥාතීන් පැවසූහ. ඊට හේතුව ඖෂධ සහිත
අල්මාරි ඉබි යතුරු දමා වසා තිබීමයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment