Sunday, November 4, 2012

උපන්දින සාදයේ දී ඉහළ මාලයෙන් වැටී සිදුවූ මරණය ගැන පරීක්ෂණ ඇරඹෙයි.......

පෑලියගොඩ ප්‍රදේශයේ කාන්තාවක් දෙමහල් නිවසක ඉහළ මාලයෙන් බිමට වැටී මියයෑම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාළ කාන්තාව ඊයේ (04) රාත්‍රී අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
මියගිය කාන්තාව ඇගේ ඥාතී හිතවතියකගේ උපන්දින උත්සවයකට සහභාගී වී සිටි අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

මේ අතර කාත්තන්කුඩිය, කල්අඩි ප්‍රදේශයේ නිවසක සේවය කළ මෙහෙකාරිය මියයාම සම්බන්ධයෙන් කාත්තන්කුඩිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
අදාළ තරුණිය එම නිවසේ සැක කටයුතු ලෙස මියගොස් සිටියදී ඊයේ සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි අයිතමලේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

No comments: