Sunday, November 4, 2012

වෛද්‍ය පීඨ සිසුවාගේ මළ සිරුර වගුරු බිමකින් හමුවෙයි..........

ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුවෙකු ලෙස සිටි තරුණයෙකුගේ මළ සිරුරක් අම්බලන්ගොඩ, වේනමුල්ල ප්‍රදේශයේ වගුරුබිමක තිබී අද (04) පස්වරුවේ සොයාගෙන තිබේ.
එම වගුරුබිමේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව අම්බලන්ගොඩ පොලීසියේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කර තිබේ. එ
ම තරුණයා අහුංගල්ල, වතුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.

කෙසේ වෙතත් මොහු වෛද්‍ය පීඨයට ගොස් අතරමග නතරව ඇතැයි ද හෙළි වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 27 හැවිරිදි තරුණයෙකු වන අතර එය ඝාතනයක් විය හැකි යැයි පොලීසිය සැකකරන බව අප වාර්තාකරු පවසයි.

එහෙත් එම තරුණයා මානසික රෝගයකින් පීඩා විඳි අයෙකු බව ද ඔහුගේ ඥාතියෙකු පවසා ඇතැයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව මෙය ඝාතනයක් ද එසේත් නැති නම් ස්වභාවික මරණයක් ද යන්න අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments: