ලොව අඩ අඳුරේය. කන්අඩි දෙදරවමින් ගලා යන්නේ වේග රිද්ම සංගීතයකි. පාට පාට විදුලි එළි ඇස් නිලංකාර කරවමින් ඒ ලොව පුරා නළියයි. නළියන විදුලි ආලෝකයටත් වඩා වේගයෙන් තරුණ තරුණියෝ රොත්තක් එක පොදියට ලොව මැද නටති. සැබෑවටම, මේ නම් අමුතුම ලෝකයකි. විනෝදකාමී සල්ලාල නිශාචරයන්ට නම් මේක සුර ලොවකි. එහෙත් අපට නම් පෙනෙන්නේ මායා ලෝකයක් සේය. නිශාචරයන්ට සුර ලොවක්
වන, අපට මායා ලෝකයක් වන මේ ලොව කුමක්‌ද? කොළොම්පුරේ රාත්‍රි සමාජ ශාලාවකි.
මේ අමුතු ලෝක ගැන අපි මීට පෙරද විවිධාකාර හෙළිදරව් කර ඇත. එහෙත් පසුගිය රාත්‍රියක කොල්ලුපිටිය සුපිරි සමාජශාලාවකදී ඇස ගැටුණු මුදල් විසි කර විනෝදවීමේ සෙල්ලම ගැන පාඨක ඔබේ දැනගැනීම සඳහා සටහන් කර තැබීමට අපි අදහස් කළෙමු.
ඒ විකාර ලෝකයේ නාඩගම් බල බලා සිටින කෙනෙකුට වේලාව යනවා නොතේරුණේය. වේදිකාව තරුණ තරුණියන්ගේ නැටුම්වලින් පිරී ගොස්‌ය. ඩීලර්ලා දෙදෙනෙක් පැමිණ වේදිකාවේ නටමින් සිටි සියලුම අය ඉවත් කළහ. තවත් විනාඩි කිහිපයකින් ගලා ගිය බටහිර සංගීතය වෙනුවට හින්දි ගීතයක් ශාලාව පුරා පිළිරැව් දුන්නේය. ගත වූයේ ක්‍ෂණයකි. ඉන්දියානු ඇඳුම් විලාසිතාවලින් හැඩ වූ තරුණියෝ පස් දෙනෙකු වේදිකාවට නැගී එහි නර්තනයක යෙදුනහ. සැබැවින්ම මේ නර්තනයක් නොව, ඔවුන්ගේ අඩ නිරුවත පෙන්වා ඇඟපත සෙලවීමකි. මුළු ශාලාවම එකම කාලගෝට්‌ටියකි. මත් වූ තරුණයෝ කෑමෝර දෙමින් නර්තනයෙන් යෙදී සිටින තරුණියන්ට ප්‍රතිචාර දක්‌වති. ඔවුන් පස් දෙනා හැරෙන්නට වෙනත් කිසිවකුට දැන් වේදිකාව මතට ගොඩවීමට ද අවසර නැත. හැඩි දැඩි තරුණයෝ කිහිප දෙනෙක් වේදිකාව වටා ඔබ මොබ ඇවිදිමින් රැකවලේ යෙදී සිටිති. ගෙවී ගියේ විනාඩි පහකටත් අඩු කාලයකි. මල් මාලා ගොඩ ගැසූ ට්‍රොලියක් වේදිකාව ඉදිරියෙන් නතර විය. ඩීලර්ලා කිහිප දෙනෙක්‌ම වේදිකාව වටේ යමින් මල් මාලා විකුණති. ඒ මල් මාලයක මිල රුපියල් පන්සියයකි. ගනුදෙනුකරුවෝ ඒ මල් මාලා මිලට ගෙන වේදිකාව මත නර්තනයේ යෙදී සිටින කාන්තාවන්ගේ ගෙල පළඳිති. දැන් දැන් නර්තනයේ යෙදී සිටින තරුණියන්ගේ ගෙල මල් මාලාවලින් පිරී ගොස්‌ය. ඔවුන් ඒ මල් මාලා නැවත ට්‍රොලියට විසි කරති. ඩීලර්ලා නැවත ඒ මල් මාලා ගනුදෙනුකරුවන්ට විකුණති. එකම චක්‍රයකි.
තවත් ඩීලර්ලා දෙතුන් දෙනෙක් ව්‍යාජ මුදල් නෝට්‌ටු මිටි අතින් ගෙන වේදිකාව වටේ යමින් ගනුදෙනුකරුවන්ට විකුණති. ඒ නෝට්‌ටුවක වටිනාකම ද රුපියල් පන්සියයකි. ගනුදෙනුකරුවෝ ඒ මුදල් නෝට්‌ටු මිලට ගෙන ගුලි කර වේදිකාව මතට විසි කරති. තවත් අය වේදිකාව අසලට ගොස් ගුලි කර ගත් නෝට්‌ටු නර්තනයේ යෙදී සිටින කාන්තාවන්ගේ ළැම පෙදෙසේ සඟවති. ඇතැම් තරුණයෝ නෝට්‌ටු හත අට එකට ගුලි කරමින් ඒ කාන්තාවන්ගේ ඉඟටියේ සඟවති. මේ සිදු වන්නේ කුමක්‌ද? අපි තුෂ්ණිම්භූතව බලා සිටිමු. රාත්‍රි දොළහේ සිට පැයෙන් පැය පාන්දර තුන හතර වෙන තෙක් මේ මල් මාලා සෙල්ලම රඟ දැක්‌වෙන බව අප අසල සිටි කාන්තාවෝ පැවසූහ. එමෙන්ම මේ මල් මාලා පැළඳීමෙන් මෙන්ම මුදල් නෝට්‌ටු විසි කිරීමේ සෙල්ලමෙන් පමණක් ඇතැම් දිනවල රුපියල් ලක්‍ෂ හතර පහ ඉක්‌මවා ආදායම් ලබන බවද ඔවුහු පැවසූහ.
ගනුදෙනුකරුවන් සතුටින් මුදල් විසී කරන්නේ නර්තනයේ යෙදී සිටින කාන්තාවන්ටය. එහෙත් ඒ මුදල් ඔවුන්ට ලැබෙන්නෙ නැත. ඒ මුදල්වල හිමිකරුවා සමාජ ශාලාවේ අයිතිකරුය. නර්තනයේ යෙදී සිටින කාන්තාවන් නියෝන් එළි මැද ඉහෙන් කොනින් ඩා බිඳු පෙරාගෙන කොතරම් අඩනිරුවත ප්‍රදර්ශනය කරමින් විවිධ නැටුම් නැටුවද ඔවුන්ට ලැබෙන්නේ පුංචිම පුංචි කොමිස් මුදලක් පමණි. වෙන කිසිදු වරප්‍රසාදයක් ඔවුන්ට නොලැබේ.
"මේ ගුහා ඇතුළේ තව ගොඩක් දේවල් වෙනවා. ඒ මොනව කතා කරන්නත් මේ ටේබල් එක උඩ මොනව හරි තියෙන්න ඕනා. නැත්නම් අපිට මෙතැන ඉන්න බැහැ. ඔයාලා මොනවද බොන්නේ" අප අසල සිටි එක් කාන්තාවක් අපගෙන් එසේ විමසුවාය.
"මොනවද බොන්න තියෙන්නෙ..." මගේ එක් මිත්‍රයෙක් සිනා සෙමින් ප්‍රශ්නයට පිළිතුරක් නොදී, ඔවුන්ට පැනයක් යොමු කළේය.
"ඔයලා ඉල්ලන ඕනම දෙයක් අපි ගෙනත් දෙන්නම්" කියා එක් තරුණියක් මත්පැන් වර්ග කිහිපයකම නම් පෙළක් කියාගෙන ගියාය. අනිත් කාන්තාව අයිස් ක්‍රීම්, කෑම වර්ග ගොන්නකම නම් කීවාය.
අපි උපක්‍රමශීලීව එක්‌තරා බීමක් ඇනවුම් කෙළමු.
"අපිට ගේන්න බැහැ. බාර් එකට ගිහින් ඔයලා ඕඩර් කරන්න. එතකොට අපි මෙතැනට අරගෙන එන්නම්. ඒත් අපිට වෙන මොනව හරි ඕනා" කියා එක් තරුණියක් ඇයගේ අතේ තිබුණු දුම්වැටි බහාලුම් පෙට්‌ටිය අප වෙතට දිගු කළාය.
ශාලාවේ එක කෙළවරක දිගට ඇත්තේ විවිධ රට බීම පිර වූ රාක්‌කය. ඒ අසලම ශීතකරණ කිහිපයක් තුළ විවිධ බියර් වර්ග, අයිස් ක්‍රීම්, පලතුරු වර්ග බොහෝය. ඒ සියලුම කෑම, බීමවල අවම මිල රුපියල් පන්සීයකි. උපරිමය කොපමණද කියා අපි නොදනිමු.
අප සමඟ සිටි තරුණියන් දෙදෙනා ද එක ඉරියව්වකින් කෙළින් සිටගෙන සිටීමට නොහැකි තරමට පදම ඉක්‌මවා ගොස්‌ය. තවත් ඔවුන් ඉල්ලන්නේ මත්පැන්ය. ඒ ඔවුන්ගේ බීමට ඇති කෑදරකමට වඩා ඔවුන්ගේ රැකියාව ගනුදෙනුකරුවන් සතු මුදල් වියදම් කරවීම නිසා පදම ඉක්‌මවා ගියද අකැමැත්තෙන් හෝ ඔවුන්ට මත්පැන් පානය කිරීමට සිදු වී ඇති හෙයිනි. ඒ නිසාම ඔවුහු වෙරි මතින් මිල අධික මත් පැන් වර්ගයක් අරන් දෙන්නැයි කියා අපට පෙරැත්ත කළහ.
"ඔයාලට හොඳටම වැඩි නේ.. තව කොහේටද බොන්නෙ..." ඔවුන්ගෙන් අපි විමසුවෙමු.
"අයියෝ මෙයලා දන්න තරම තමයි. අපි මෙහෙමද බොන්නෙ.." කොක් හඬලා සිනා වැලයි.
"අපි තවම බොන්න පටන් ගත්තා විතරයි. අද අපේ කස්‌ටමර් ඇවිල්ලා නැහැ. එයා ඇවිත් හිටිය නම් දැන් අපි නොකවුට්" ඒ අපේ රටේ රාත්‍රි සමාජශාලාවක ස්‌ටුවර්ඩ්වරියකගේ හඬය. මොවුන් දෙදෙනාටම වයස අවුරුදු විසි හතරක්, විසි හයකට වඩා කිව නොහැකිය. එහෙත් ඔවුහු දැන් මත්පැන්වලට තදින්ම ඇබ්බැහි වී සිටිති. ඒ ඔවුන්ගේ රැකියාවත් සමග මත්පැන් එකට බද්ධව ඇති නිසා විය හැකිය. අපි කිහිප වතාවක්‌ම ඔවුන්ගේ ජීවිතවලට එබිකම් කිරීමට උත්සාහ කළද, ඔවුහු කොතරම් මත්වී සිටියද අපට ඔවුන්ගේ ජීවිත තුළට ඇතුළු වීමට ඉඩක් නොලැබිණි.
නළියන විදුලි කදම්බ මැද සංගීතය ගලා යයි. ඊටත් වඩා වේගයෙන් කාලය ගෙවී යයි. නැවත අපගේ දෙනෙත් ශාලාව වටා ගමන් කරයි. ඒ විසල් ශාලාව පුරා හිස් සෝපාවක් සොයාගැනීමට නොහැකි තරම්ය. ඒ තරමටම ශාලාව තරුණ තරුණියන්ගෙන් පිරී ගොස්‌ය. අඳුරට මුවා වුණු සැප අසුන්වල උඩටත් නැති පහළටත් නැති ඇඳුම් කෑලිවලින් විළි වසා ගත් කාන්තාවෝ තරුණයන්ට තුරුළු වී කති, බොති, සතුටු වෙති. ඇතැම් තරුණියෝ සෝපා අසල නටති, ගයති. තවත් තරුණියන් තරුණයන්ගේ සිරුරු මතය. මේ අතර තලත්තෑනි පිරිමින් ද පුංචි කෙල්ලන්ව තුරුලු කරගෙන නොසිටියාම නොවේ.
මේ සියලු දෙනාගේ ඇඟිලි තුඩු අතර සිර වී තිබුණේ නිවී දැල් වෙන දුම්වැටියකි. ඒ ශාලාව පුරා දැල් වුණු දුම්වැටි ප්‍රමාණය නම් කොතරම් ද කියා කිව නොහැකි තරම්ය. සෝපාව ඉදිරිපිට "ටේබල්" මත ද දුම්වැටි බහාලුම් පෙට්‌ටිය. එමෙන්ම සුරා බඳුන්වලින්, විවිධ මසවුළු වර්ගවලින් ද ඒ "ටේබල්" පිරී ගොස්‌ය. සෑම අසුනක් අසලම එසේය. එමෙන්ම ඒ ටේබල් අසල සුරතල් වෙමින් සිටි කාන්තාවන් සියලුම දෙනා බඹර පදමට මත් වී සිටියද ගනුදෙනුකරුවන්ගේ පසුම්බි හිස් කරවීමේ කාර්යය ඉතාම සූක්‍ෂම අයුරින් කරගෙන යන බවත් අපට පෙණින. ඔවුන් ගනුදෙනුකරුවන් අතර තොදොල් වෙමින්, සුරංගනා බස් තෙපලමින්, ගනුදෙනුකරුවාව සුරංගනා ලෝකයට රැගෙන යමින් සිටියේ මායා ලෝකයෙන් බට මායාකාරියන් සේය.
කෙසේ වෙතත් විදුලි එළි මැද මේ සමාජ ශාලා තුළ ධන කුවේරයන්ගේ කෙළි බඩු බවට පත් වී සිටින්නේ කොළඹ නගරං කාන්තාවන් නොව, ගමේ දුප්පත් පවුල්වල කාන්තාවන් බව අකමැත්තෙන් වුවද කිව යුතුය. එමෙන්ම ඔවුහු මෙවැනි තැන්වල නිදි වරාගෙන සළුපිළි උනා දමන්නේ ඇඟ මස පිනවා ගැනීමටම නොවේ. අගහිඟකම් පැමිණ ඔවුන්ගේ හදවත් ගිනි තියන විට අකැමැත්තෙන් හෝ ඔවුහු මෙවැනි තැන්වලට ගාල් වී සිටිති. එහෙත් ඔවුන් මෙවැනි තැන්වල කොතරම් නිරුවත පෙන්වමින් තම ජීවිත මත්වතුරට දිය කර හැරියද ඔවුන්ට මාසිකව ලැබෙන්නේ සොච්චම් වේතනයකි. ඒ ලැබෙන සොච්චම ඔවුන්ගේ සරුවපිත්තල ජීවිතවල විච්චූරණවලටවත් ප්‍රමාණවත් නැත. ගනුදෙනුකරුවන් ඔවුන්ට ලබාදෙන සන්තෝෂම නොලැබෙන්නට ඔවුන් මෙවැනි රැකියාවලින් ඉවත් වී බොහෝ කල් බවද අප සමග සිටි කාන්තාවෝ දෙදෙනා පැවසූහ.
එසේ නම් විනෝදකාමීන් මිටි පිටින් විසි කරන රුපියල් ගෙඩි පිටින් සාක්‌කුවල දමාගන්නේ කවරහුද? සමාජශාලා හිමිකරුවන් නොවේද? මේ සමාජ ශාලා හිමිකරුවන් මුදල් ඉපැයීමට ගැහැනුන්ගේ මුහුණු, ඇස්, තොල්, උකුළු, පියයුරු, කකුල් හා ඔවුන්ගේ බැලුම්, කෙඳිරීම් සහ සිපුම් ද "මාකට්" කර ඇති අයුරු කොතරම් නම් සූක්‍ෂ්මද? මේ නම් සැබැවින්ම මායා ලොවක්‌මය. ලේ, මස්, ඇට, නහර සොටු, සැරව, අසූචී පිරුණු ශරීර නම් දෙතිස් කුණපය සම නමැති මාරයාගේ මායාකාර සළුවෙන් වැසුණු කල එය සිප වැළඳ වෙළෙන්නට තරම් එහි වටිනාකමක් නැත. ඔබ මුළා නොවන්නá මේ තාවකාලික සතුටක් පමණි. තවත් අපි කිසිවක් නොකියමු. ඔබ තීරණය කළ යුතුය. තවදුරටත් තාවකාලික සතුට පසු පස වියරුවෙන් දුව සමාජශාලා හිමිකරුවන් තර කරනවාද? ඔබ රාත්‍රියක් විනෝදවීමට නාස්‌ති කරන මුදල බත් වේලක් කෑමට පිච්චියක් නොමැතිව දුක්‌විඳින පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කර මෙලොවටත්, පරලොවටත් පින් එකතු කරගන්නවාද?
එසේ කියමින් ඒ අමුතු ලෝකයෙන් නැවත අපි සැබෑ ලෝකයට පිවිසුණෙමු. සඳ නැති අහස අන්ධකාරය. මාර්ගය රථවාහනවලින් තොර විය. ත්‍රිරෝද රථයක් අප අසල නතර කරන තුරු අපි බලා සිටිමු.

No comments:
Post a Comment