ල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් පසුගියදා තාවකාලිකව වසා දැමුණු දුන්හිඳ
දිය ඇල්ලට පිවිසීමේ මාර්ගය ඊයේ(08) සිට යළි විවෘත කර ඇති බව සොරණාතොට
ප්රාදේශීය සභාව සඳහන් කරයි.
පසුගිය කාලයේ ප්රදේශයට ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ දුන්හිඳ දිය ඇල්ල
නැරඹූම් වේදිකාවට ඉහළ කඳු ගැටයක ගල් පහළට පෙරළීමේ අවදානමක් මතුවීම හේතුවෙන්
බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකයේ උපදෙස් මත දිය ඇල්ල පිවිසුම්
මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගනු ලැබීය.
කෙසේ නමුත් මේවන විට එම අවදානම පහව ගොස් ඇත.
ඒ අනුව කිසිඳු බාධාවකින් තොරව දිය ඇල්ල නැරඹීමට පැමිණෙනැයි සංචාරකයින්ගෙන් සොරණාතොට ප්රාදේශීය සභාව ඉල්ලීමක් ද කර සිටියි.
No comments:
Post a Comment