2012 ඡන්ද හිමි නාමලේඛනය සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා පිළිබඳ සලකා
බැලීම ලබන 12 වැනිදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන්
කරයි.
මේ අතර අදාළ පරීක්ෂණ පැවැත්වෙන දින සහ වේලාවන් සහ ස්ථානය පිළිබඳව,හිමිකම්
හා විරෝධතා ඉදිරිපත් කරන ලද අයදුම්පත්කරුවන් වෙත දන්වා යැවීම ලියාපදිංචි
තැපැල් මාර්ගයෙන් සිදු කෙරේ.
මෙවර ඡන්ද හිමි නාමලේඛනයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට තිබු කාලය ඉකුත්
ඔක්තෝම්බර් 31 වනදායින් අවසන් වු අතර එම කාලය තුළ හිමිකම් ඉල්ලීම් 81861
සහ විරෝධතා දැක්වීම් 1393ක් ලැබී ඇත.
2012 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ලබන දෙසැම්බර් 31 වන දිනට පෙර අවසන්
කිරීමට අපේක්ෂා කරන බවද මැතිවරණ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment