මාස 09 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ අලි ගහනයෙන් 165 දෙනකු මෙලෝ හැර ගිය බව පුවත් පත් වල පළවී තිබිණි. මේ ඉතා ශෝචනීය ආරංචියකි. 'අලියා' ශ්‍රී ලංකාවේ ජාතික සම්පතකි. දුටුගැමුණු රජතුමාගේ ඇත් හමුදාවේ ඇතුන් 21870 ක් සිටි බව මහාවංශයේ සඳහන් වේ. විදේශ ආක්‍රමණ යටතේ වටිනා අලි ඇතුන් දහස් ගණනක් විදේශ රටවලට නැව් මගින් ගෙන ගිය බව නොරහසකි.
1824 ලංකා රෙජිමේන්තුවට පත්වූ තෝමස් විලියම් රොජස් 18
34
දී බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ විනිශ්චයකාර ධුරයකටද පත්විය. පසුව ආණ්‌ඩුවේ
සහකාර ඒජන්තවරයා වශයෙන්ද කටයුතු කළේය. දක්‍ෂ අශ්වාරෝහකයකු වූ මොහු විනෝදයට
කළේ අලින්ට වෙඩි තබා මරා දැමීමයි. ඒ අනුව මෙම පාපතර නිලධාරියා විසින් අලි
ඇතුන් 1500 ක් පමණ වෙඩි තබා මරා දමා ඇත. ලංකාවේ අලින් පිළිබඳ ඉතිහාසය අපට
වැදගත් වන්නේ, වර්තමානයේ අලින්ගේ ඉරණම සලකා බැලීමෙනි.
අලින්ගේ නිජ භූමි මිනිසා විසින් ආක්‍රමණය කළ නිසා, ජනාවාස ප්‍රදේශ ආක්‍රමණය කිරීමට අලින් තීරණය කොට ඇත. ඒ අනුව අලි-මිනිස් ගැටුම නිර්මාණය වී ඇත. අපේ දේශපාලනඥයන්ගේ හා නිලධාරීන්ගේ බොහෝ සැලසුම් රටට අහිතකර බවට මෙය හොඳ නිදසුනකි. කඳුරට ජල පෝෂක ප්‍රදේශවල පයිනස් ගස් වගා කළේද ඉහත සඳහන් අය විසිනි. අද එය ජල උල්පත් විනාශ කරන රකුසෙක් වී ඇත. තෙල් ගැනීමට වගා කොට ඇති ඉඳිගසට සමානකම් ඇති 'කටුපොල්' ගස් වගාව ගැනද මීට සමාන චෝදනාවක් පවතී. කෙසේ වෙතත්, මේ ලිපියෙන් මා අවධාරණය කරන කරුණු දෙකකි.
ඉඩෝරය පවතින කාල වකවානුවේදී ජලය හා ආහාර සොයා ගැනීම පිණිස අලි රංචු පිටින් කිසිම වග විභාගයක් නොමැතිව පොලොන්නරුව ආශ්‍රිත ප්‍රදේශවල නගර ආක්‍රමණය කරන චිත්තාකර්ෂණීය පිංතූර පළවිය. එහෙත් මෙහි අනාගතය එතරම් චිත්තා කර්ෂණීය නොවනු ඇත.
දුටු ගැමුණු රජතුමාගේ ඇත් හමුදාවේ පමණක් සිටි (කැලේ අලි හැර) 21870 ක් වූ අලි සේනාව අද 3000 ත් 4000 ත් අතර ප්‍රමාණයට අඩුවී ඇත. මේ වසරේ මාස 09 ක් ඇතුළත අලි 165 දෙනකු ජීවිතක්‍ෂයට පත්වීම සරල කරුණක් නොවන බව කිව යුතුව ඇත. දිනෙන් දින රටේ සම්පත් විනාශවීම සමස්‌ත ජාතියට ශාප ලැබිය යුත්තකි. මේ කරුණ ගැන වනජීවී දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණ කුමක්‌දැයි අපි නොදනිමු.
ඉඩෝර සමයේදී සිදුවන හානි වළක්‌වා ගැනීමට පහත සඳහන් යෝජනා දෙක ඉදිරිපත් කරමි.
01. අධික ඉඩෝරයට ඔරොත්තු දෙන, එසේම අලින්ගේ ආහාරයට යෝග්‍ය වන ගස් වර්ග මොනවාදැයි පළමුව හඳුනා ගත යුතුය. අලින් හැසිරෙන ප්‍රදේශවලට දැන් වැසි සමය උදාවී ඇති නිසා, මෙසේ හඳුනාගත් ගස් වර්ග බහුල වශයෙන් වගා කිරීමට මේ හොඳම කාලයයි. ඒ සඳහා වැදගත් වන බීජ වර්ග හඳුනාගෙන ගුවන් මගින් එම බීජ විශාල වශයෙන් කැලෑ පුරා විසුරුවා දැමිය යුතුය. එවිට අවුරුදු දෙක තුනකින් අලින්ගේ ආහාර අහේනියට පිළිතුරක් ලබා දිය හැකිවනු ඇත.
02. බීමට ජලය නොමැති වීමෙන්, කසිප්පු ගුදමක් හිස් කළ අලියෙක් වෙරි මර ගාතෙන් හැසිරුණු පුවතක්‌ද පුවත් පත්වල පළවී තිබිණි. වෙනදා නොතිබූ දුගඳක් අලියාට දැනුණත් අධික පිපාසය නිසා එසේ කරන්නට ඇත.
ප්‍රධාන මාර්ගවල සිට කිලෝමීටර් දෙක තුනක් කැලෑව ඇතුළට වන්න විශේෂ ජල තටාක කිහිපයක් ඉදිකළ යුතුය. අඩි 100 Ü 25 වන සේ බේසමක හැඩයෙන් යුත් මෙම ජල තටාක කොන්ක්‍රීට් යොදා ඉදිකළ යුතුය. වැහි වතුර ඊට එකතුවන පරිදි මෙය සැකසිය යුතුය. මෙසේ ඉදිකරන ජල තටාකයේ ජලයද ඉඩෝරයට සිඳී යන බැවින්, බවුසර් මගින් ජලය පිරවීමට යාන්ත්‍රණයක් සැකසිය හැකිය. එසේ නැතහොත් ඒ ආසන්නයේ වගා ළිඳක් සකසා එහි ජලය පොම්ප මගින් මෙම තටාකයට පිරවිය හැකිය.
කොන්ක්‍රීට්‌වලින් හදන මෙම ටැංකිවලට පළමුවෙන්ම ඒකරාශි වන ජලය විෂ සහිත වීමට ඉඩ ඇති බැවින් පුරවා ගත් ජලය වාර කීපයක් හිස් කිරීමෙන්, ඊට පිළිතුරක් ලබාගත හැකිවනු ඇත.
අතිරේක වැසි ජලය ලබා ගැනීම සඳහා අවශ්‍ය නම්, ජල තටාකය වටේම ටකරන් වහලවල් ඉදිකළ හැකිය. ටකරන් වහලට වැටෙන ජලය නොපමාව තටාකයට ලැබෙන පරිදි වහලේ බෑවුම තටාක දෙසට යොමු කළ හැකිය. වහලේ විශාලත්වය අනුව විශාල ජල කඳක් මෙම තටාකයට යොමු වනු ඇත. වන ජීවී දෙපාර්තමේන්තුවේ හා දානපතියන්ගේ අවධානය මේ සඳහා යොමු කෙරේවායි ප්‍රාර්ථනා කරමු.
කොටපොල අමරකිත්ති මහා ස්‌ථවිර

No comments:
Post a Comment