Sunday, November 4, 2012

නැති සොර සැමියෙක්‌ වෙනුවෙන් වෙඩි කෑ මල්ලිකා

මොරගොඩ කම්කානම්ලාගේ ප්‍රේමවර්ධන සහ ජයවීර මුදියන්සේලාගේ මල්ලිකා ප්‍රියදර්ශනී නීත්‍යනුකූලව විවාපත්ව බලංගොඩ ඉඹුල්පේ නමැති පිටිසරබද ගම්මානයේ ජීවත්වෙමින් ගොඩ මඩ ගොවිතැනින් දිවි සරි කරගත් ගැමි යුවළක්‌ වූහ.

විවාහයෙන් ප්‍රේමවර්ධනට දාව මල්ලිකා පිරිමි දරුවෙකු ගැහැනු දරුවන් දෙදෙනකුක්‌a බිහි කළාය. 2003 අගෝස්‌තු මාසය වන විට පවුලේ පිsරිමි දරුවා 15 හැවිරිදි වියේ සිටි

යේ අධ්‍යාපනය ලැබීම සඳහා ගමෙන් පිට ප්‍රදේශයක නතර කර සිටියදී 12 හැවිරිදි සහ 9 හැවිරිදි දැරියන් දෙදෙනා මවගේ සහ පියාගේ රැකවරණය ලබමින් ගමේ පාසලෙන් අකුරු කරමින් සිටියහ.

මෙම කතාව ආරම්භ වනවිට පවුලේ ගෘහනිය වූ මල්ලිකා 32 හැවිරිදි වියේ පසු වූයේ වුවද අතිශයින්ම රූමත් එකියක වූවාය. පැල්පතක ජීවත් වුවද රජ මාලිගයක උපත හිමිවිය යුතු මේ ලාලිත දේහිනියගේ රූපශ්‍රිය ගම්මු අවලෝකනය කළේ ඊර්ෂ්‍යා සහගත සිතුවිලි මවා ගනිමිනි.

උද්‍යාන වල පිsපෙන අලංකාර නේක මල් පරදන කැලෑ මල් වනයේ කටු පඳුරු අතර ඉඳහිට පිපෙනු දැකිය හැකිය. හේනෙන් කුඹුරටත් කුඹුරෙන් ගෙදරටත් යමින් එමින් පවුලේ නඩත්තුව වෙනුවෙන් නැහෙන සැමියාගේ සහායට කරට කර වෙහෙසෙමින් පවුලට සෙනෙහස පුදමින් අහිංසක සරල ජීවිතයක්‌ ගෙවීම මල්ලිකාගේ එකම පැතුම විය. ගොවිතැන ගැන බොහෝ කරුණු දැන සිටියද මල්ලිකා නොදැන සිටි තවත් බොහෝ කරුණුද විය. තමා රූමතියකි යන්න ඇය නොදැන සිටි කරුණු අතරින් ප්‍රධාන කරුණ විය. සබන් හැරුණු විට සිරුරේ ආලේප කළ හැකි වෙනත් යමක්‌ ඇතැයි ඇය නොසිතුවාය. සිරුර ආලේපවලින් තොරවෙන තරමට ඇගේ රුවෙහි බැබලීම වැඩිවිය. කුඹුරේදී ඇඟ දැවටෙන මඩ රැල්ලක්‌ හේනේද වත පුරා තැවරෙන දුහුවිල්ලක්‌ තරම් මල්ලිකාගේ රුව ලස්‌සන දෙගුණ තෙගුණ කළ වෙනත් ආලේපයක්‌ නොවීය.

ඇඳි වත දණතෙක්‌ කෙටිකර ගෙන ඉහිල් වූ කෙස්‌ වැටියෙන් යුක්‌තව බොත්තම් සිඳී බිඳී ගිය උඩුකය වැස්‌ම සහිතව කුඹුරෙන් ගොඩවී නියර දිගේ පැමිණ අඩි පාර ඔස්‌සේ උදැල්ලක්‌ කර තබාගෙන හවසට ගෙදර යන මල්ලිකාගේ රූසිරි දකින්නට වාසනාවන්ත වූ පිරිමි නොදැනුවත්වම ගත සිත සලිත කරගත්හ. ගැහැනු බිමට කෙළ ගැසූහ.

සිරි රහල් හිමියන්ද සමග, zඅවසර කල් රහස්‌ තැන - ගැහැනු කවුරුද වරද නොබැඳෙනZ යන සංකල්පයේ දැවටුනු ගැහැනු පිරිමි ලෝකයේ කොතනත් අඩුවක්‌ නැත. කාන්තාවකට වඩා රූමත් කාන්තාවට ලෝකය අකාරුණිකය. ඇය පතිවත අනිවාර්යයෙන් බිඳගත යුතුම යෑයි යන අපර විශ්වාසයයෙන් යුතුව ජනයා කල් යවති. එහෙයින්ම සමාජය රුවැත්තියකගේ සැමියා කවුරුන්ද යන්න ගැන නොව සොර සැමියා කවුරුද යන්න ගැන සෙවීමට මුල් තැන දෙති.

රූමත් මල්ලිකාටද එම විශ්ව සාධාරණ සත්‍යයෙන් ඔබ්බට යැමට අවස්‌ථාවක්‌ නොවීය. ඇය සැමියා සමග ගතකරන එකායන පවුල් ජීවිතය ගමට වැදගත් නොවීය. මල්ලිකාගේ රහස්‌ ජීවිතයේ ඉතාම කුඩා සලකුණක්‌ හෝ සොයා මතු කර ගැනීම සඳහා ගම්මු දිවැස්‌ යොදා හතර දිග් භාගයම නිරීක්‍ෂණය කළහ. එහෙත් දර්ශන පථයට කාන්දුවෙන සජීවී පුරිස්‌ කයක්‌ නොමැති වූ තැන ඔවුහු මනඃකල්පිත ජීවියෙකු නිර්මාණය කර ඔහුත් ඇයත් වටා විවිධ විචිත්‍ර ප්‍රබන්ධ ගෙතූහ.

එතැන් සිට මල්ලිකාගේ රහස්‌ ජීවිතය ඇසුරෙන් සකස්‌ වූ කට කතා හා ප්‍රබන්ධ ගොන්නක්‌ ගම වටා සුළඟක්‌ මෙන් හමායයි. එහෙත් ඒ සුළං රැල්ල ප්‍රේම වර්ධනලාගේ පියෑස්‌ස හරහා හමායන්නේ ඔවුන්ගේ විවාහ ජීවිතයට වසර 10 ක්‌ ඉක්‌ම යද්දීය. අනතුරු ඇඟවීම කරන්නේ ප්‍රේමවර්ධනගේ මල්ලි නාමරත්නය.

"අයියෙ, අක්‌කගෙ චරිතෙ එච්චර හොඳ නැහැ. ගම හැම තැනම කතා හැදිල තියෙනවා ටිකක්‌ අවවාද කරල හදාගත්තොත් හොඳයි" දිනක්‌ අතර මගදී වූ හමුවකින් පසුව නාමරත්න අහක බලාගෙන වගේ කීවේය.

හදවත කඩුපහරකින් වෙන් කළාක්‌ බඳු වේදනාවකින් පෙළුනද ඒ බව නොපෙන්වූ ප්‍රේමවර්ධන මල්ලිගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවේය. "කා ගැනද මල්ලියෙ කතා හැදිල තියෙන්නෙ.......?"

"අහවලායි කියල කියන්ඩයි දන්නෙ නැහැ අයියෙ....... මිනිස්‌සු කියන්නෙ අක්‌කගෙ චරිතෙ ඒ හැටි හොඳ නැහැ කියලයි. අයිය ටිකක්‌ විපරමින් ඉන්ඩකො.."

මල්ලිගේ අවවාදයට හිස සැලූ ප්‍රේමවර්ධන එතැනින් නික්‌ම ගියද තම ආදරණීය බිරිඳ කෙරෙහි ඇති වූ සැකයේ බීජය ඒ මොහොතේ ඔහුගේ හිත තුළ තවාන් විය. හැමදාමත් සවසට බීමත්ව ගෙදර එන ඔහු එදා සවස හිතාමතාම පදම වැඩි කර ගත්තේය. මගේ ගෑණි ලස්‌සනයි යන අදහස මුල් වරට ප්‍රේමවර්ධනගේ සිතට ආවේ ඒ මොහොතේය. එතෙක්‌ කල් බිරිඳ බිරිඳක්‌ වශයෙන් මිස රූමතියක්‌ වශයෙන් ඔහුට කවදාවත්ම ඇයව පෙනී නැත. ප්‍රේමවර්ධන බීමත්ව ගෙදර යන අතරේ මග අයිනේ වූ කලුගල් පොත්තක්‌ මත වාඩි වූයේ හිතා මතාම නොව ඉබේටමය.

ගල උඩ වාඩි වූ ඔහු බිරිඳ සමග ගත කළ යටගියාව සිහිපත් කරන්නට විය. ඇය තම දරුවන් තිදෙනා කවා පොවා පෝෂණය කරන අතරේ ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සෑම පහසුකමක්‌ම සපයා ඒ කටයුතු වෙනුවෙන් ඇප කැප වන අතරේ නිවසේ ඉවුම් පිහුම් සේදීම්, මැදීම් ආදී කටයුතුවල නිරත වන්නේ කෙඳිරියකින් තොරව නොවේද?

ගෘහනියක වශයෙන් දරුවන්ගේ සහ ගෙදර දොර දෛනික වැඩ කටයුතුවල පමණක්‌ නිරත වී තමා උපයන ධනය පමණක්‌ වියදම් කර සැහැල්ලුවෙන් දිවි පෙවෙත ගෙන යැමට හොඳටම ඉඩකඩ තිබියදීත් ළමුන් පාසල් ගිය පසු මඩ උදැල්ල කරේ තියාගෙන කුඹුරට පැමිණ හවස්‌ වෙන තුරුම තමා සමග ඉපනැල්ල පලු ගසන්නේ පළපුරුදු කුඹුරු කොටන්නියක්‌ ලෙස තමාගේ ඇණවුමකින් තොරව නොවන්නේද? ඊළඟට හේනේ පැල් රැකීම හැරෙන්නට වැට කඩොලු බැඳීම් නෙළීම් ගිරවුන් පලවා හැරීම් ආදියට ඇය කාලය සොයා ගැනීමද පුදුමයකි.

සවස්‌ වෙනතුරු කය වෙහෙසා කරන ගොවිතැන් රාජකාරියෙන් සිරුරට දැනෙන වෙහෙස තමා නිවාගන්නේ කසිප්පු වඩියකින් සැනසීමෙන් පසුවය. ඉන් පසු රෑ බත ඉදෙන තුරු තමා මුළු සවස්‌ වරුවම ගතකරන්නේ කඩමණ්‌ඩියේ රස්‌තියාදු බැංකුවේය. එහෙත් බිරිඳට දැනෙන කෙඩෙන්තු ගතිය සමනය කරගැනීම සඳහා ඇය කිසිදිනෙක අරක්‌කු බිඳක්‌ හෝ බෙහෙත් පෙත්තක්‌ තමාගෙන් ඉල්ලා හෝ ඒ ගැන පැමිණිල්ලක්‌ කර හෝ නැත. ඒ සියල්ල මට වඩා බීමත් කම නිසා පහව ගිය සිරුරේ කෙඩෙත්තුව පරයා ඉස්‌මතුවෙන කාමෝද්දීපන හැඟීම් සන්තර්පනය කර ගැනීම සඳහා තමා ඇගේ පහස සොයන විට ඇය ඊට දක්‌වන ප්‍රතිචාර හා කොන්දේසි විරහිතව කරන අවනත වීම් තමා කෙතරම් දිරිමත් කරවන සුළුද? එවැනි කාන්තාවක්‌ අහල පහල ගෙදරක හෝ තමා දන්නා කියන වෙනත් ඉසව්වක සිටීදැයි ඔහු තමාගෙන්ම ප්‍රශ්න කරගත් විට පිළිතුර ආවේ නැත යනුවෙනි. "ඇත්තෙන්ම මගෙ ගෑනි වේසියක්‌ නොවෙයි. හොර මිනිහෙක්‌ ඉන්න ගෑනියෙක්‌ නම් මේ විදිහට මිනිහටයි මිනිහගෙ දරුවන්ටයි සලකයිද? නැහැ. මගේ ගෑනි ස්‌ත්‍රීරත්නයක්‌ යෑයි" ඔහු කියා ගත්තේය.

"ඒ වුණාට මේකි හරිම කෛරාටික ගෑනියක්‌ වෙන්න ඇති. මේකි කරන වල් වැඩ වහගන්න මේ සේරම හොඳ වැඩ ටික උපයෝගී කරගන්නව ඇති. ඇත්ත තමයි ගෑනු හැම එකාම වල්" එසේ සිතූ ප්‍රේමවර්ධන දත්මිටි කමින් ගල් තලාවෙන් බැස ගෙදර ගියේය.

ගෙදර ගිය ප්‍රේමවර්ධන කෙළින්ම ගියේ මල්ලිකා සොයාගෙනය. ඒ වන විට ඇය සිටියේ කුස්‌සියේ ළමුන්ගේ පිඟන්වලට බත් බෙදමිනි. තමාට පිටුපා බත් බෙදමින් සිටි බිරිඳගේ අතින් ඇද ඇය තමා දෙසට හරවා ඔහු වැරෙන් ඇගේ මුහුණට ගැසූ පහරින් ඇය බිම ඇද වැටුණේ කොස්‌ කඳක්‌ බිම පතිත වන්නාක්‌ මෙනි. "අනේ රත්තරන් මට ගහන්න එපා වරදක්‌ කළා නම් මගේ ළමයි තුන්දෙනා වෙනුවෙන් මට සමාව දෙන්ඩ.... යනුවෙන් පහරේ වේදනාව නිසා නැගිට ගැනීමට නොහැකිව සිටි මල්ලිකා බිම වැතිරගෙනම ප්‍රේම වර්ධනගෙන් ඉල්ලීමක්‌ කළේය.

"තොගෙ හොර මිනිහගෙ නම කියපිය" යනුවෙන් ප්‍රේමවර්ධන ගිරිය පිප්පුවේය. මට හොර මිනිහෙක්‌ නෑ ඉන්න එකම මිනිහ තමයි ඔයා. ඔයා මට දෙවියෙක්‌ මාව කාටවත් පාවල නොදී මාව මරල දාන්න මට ඒක සැපයි...."

එදා සටන එතනින් අහවර විය. පසුදා උදෑසන ප්‍රේමවර්ධන නැගිට්‌ටේ පෙරදා කිසිවක්‌ සිදු නොවූ අයුරිනි. මල්ලිකාද උදා වූ දිනයට මුහුණ දුන්නාය. එතැන් පටන් වසර 4 ක්‌ ගත වන තෙක්‌ම මසකට වරක්‌ දෙවරක්‌ අඹුසැමි දෙදෙනා අතර රන්ඩු සරුවල් අනිවාර්ය විය. ප්‍රේමවර්ධනට සිය සොහොයුරු හමුවන්නේ කවදාද එදිනට නිවසේ රණ්‌ඩුවක්‌ අනිවාර්ය විය. "හොරමිනිහගෙ නම කියපන්" යනුවෙන් කියමින් ප්‍රේමවර්ධන සිය බිරියට බැණ වදින අතර බිරිඳද "පුළුවන්නම් අල්ල ගන්න එකයි ඇත්තෙ මම කියන්නෙම නෑ. " යනුවෙන් ඔහුට අභියෝග කරයි. බිරිඳට පහරක්‌ දෙකක්‌ ගැසීමෙන් තෘප්තිමත් වන ප්‍රේමවර්ධන නින්දට වැටෙයි. පසුදා උදෑසන සිරිත් පරිදි නිවසේ ආදරය උතුරයි. සිහියෙන් සිටි කිසිදු අවස්‌ථාවක ඔහු බිරිඳගේ අනාචාරය ගැන ඇය හගිස්‌සවන්නට නොගියේය.

2003 -08- 10 වන දින අඹු - සැමි දෙදෙනාට දෛවෝපගත ගත දිනයක්‌ විය. එදින පස්‌වරු 2.30 ට පමණ දෙදෙනාම එක්‌ව කුඹුරට ගියේ වයස 12 සහ 9 යේ දියණියන් දෙදෙනා ගෙදර නතර කරය. සවස 5.00 පමණ වෙද්දී ගෙදරට පැමිණි ප්‍රේමවර්ධන මිදුලේ සෙල්ලම් කරමින් සිටි දියණියන් දෙදෙනාගෙන් "අම්මා ආවාදැයි" ඇසීය. තවම ආවේ නැහැ යන්න ළමුන්ගේ පිළිතුර විය. " මම හොයාගෙන එන්නම්" යනුවෙන් පැවසූ ඔහු නැවතත් පැමිණි දෙසටම ගියේය.

ප්‍රේමවර්ධන පිට වී විනාඩි 5 ක්‌ ගත වන්නටත් පෙර වෙනත් මගකින් මල්ලිකා ගෙදර ආවාය. "තාත්ත ගියා අම්මව හොයාගෙන එන්න කියලා...." දරු දෙදෙනා පැවසූහ. "මේ මනුස්‌සයට පිස්‌සුද මන්ද.... යනුවෙන් පැවසූ මල්ලිකා දියණියන් දෙදෙනාගේ මුහුණ සෝදවා ඔවුන් දෙදෙනාගේ හිසකේ පීරා අපුරුවට සකස්‌ කළාය. පසුව ඇය දහවල් පිසූ ආහාර ඉතිරිව තිබී දරුවන් දෙදෙනාට කන්නටද දුන්නාය.

ඒ වන විට වේලාව සවස 6.30ට පමණ විය. ගෙවීයමින් තිබූ හිරුඑළියත් උදාවෙමින් තිබූ සඳ එළියත් මුසුවූ ආලෝකයෙන් පරිසරය ඔපවත්ව තිබූ හෝරාවකි. මවත් දරුදෙදෙනාත් අලුතින් දමා තිබූ අත්තිවාරම මත වාඩි වී තාත්තාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටියහ. ඒ අතර කඩිනමින් පැමිණි ප්‍රේමවර්ධන ඔවුන් පසුකර ගෙන ගෙය දෙසට යයි.

"ඇයි මාව හොයන්න ගියේ මම ගෙදර ආවා...." යි මල්ලිකා තමා පසු කරගෙන යන සැමියාට පැවසුවාය.

"මම කව්රුවත් හොයාගෙන ගියේ නැහැ." ප්‍රේමවර්ධන පිළිතුරු දුන්නේය.

"පිස්‌සු හැදිලද? ප්‍රශ්නයක්‌ තියෙනව නම් කෙළින්ම කියන්න...." යළිත් වරක්‌ මල්ලිකා කීවාය.

"හරි, ප්‍රශ්නෙ විසඳගන්න පුළුවන් උඹගේ ඇතුළට වරෙන් " ප්‍රේමවර්ධන කීවේය. "ප්‍රශ්නයක්‌ තියෙනව නම් කෙළින්ම කියන්න මෙතනදී විස¹ගමු" මල්ලිකා නැවතත් අභියෝග කළාය.

"මාත් එක්‌ක බැරිනම් මම උත්තර හොයාගන්නම්..." එසේ පැවසූ ප්‍රේමවර්ධන එක්‌වරම ගෙය තුලට ගොස්‌ සඟවා තිබූ බෙහෙත් කොටන තුවක්‌කුව රැගෙන විත් එකවරම මිදුලේ සිටි මල්ලිකා දෙසට එල්ල කර කොකා ගැස්‌සුවේය. අසල්වැසියන් පැමිණෙන විටත් මල්ලිකා අවසන් හුස්‌ම හෙළා තිබිණි. මල්ලිකාට වෙඩි වැදුණු තුවාලයක්‌ සිරුරේ පිටතින් දක්‌නට නොවීය.

ඇයගේ පාද දිගේ ලේ ගලමින් තිබෙන අයුරු පමණක්‌ ජනතාවට දැක ගත හැකි විය. වෙඩිල්ල වැදී තිබුණේ මරණකාරියගේ රහස්‌ ප්‍රදේශයට බව වෛද්‍ය වාර්තාවෙන් පෙන්වා දෙනු ලැබීය.

මල්ලිකාට වෙඩි තැබූ ප්‍රේමවර්ධන අවසානයේ බලන්ගොඩ පොලිසියට ගොස්‌ ප්‍රකාශයක්‌ කරමින් තම බිරිඳ වසර 4 ක පටන් අනියම් සම්බන්ධයක්‌ පවත්වන බවත් කෙතෙකුත් දුන් අවවාද ඇය පිළිනොගත් බවත් ඒ සම්බන්ධයෙන් එදින ඇති වූ බහින්බස්‌ වීමක්‌ දුර දිගගොස්‌ තමා ඇයට වෙඩි තබා මැරූ බවත් බිරිඳගේ මිනිය සහ වෙඩි තැබූ තුවක්‌කුව නිවසේ තිබෙන බවත් පැවසුවේය.

සිද්ධිය වී වසර 9 කට පසු ප්‍රේමවර්ධනට එරෙහිව රත්නපුර මහාධිකරණයේ මිනීමැරුම් චෝදනා නඟා තිබුණද විත්තිකරු අනියම් මිනීමැරුමට වරද පිළිගැනීමට ඉඩ දෙන ලෙසට නීතිපතිවරයාගෙන් කළ ආයාචනයකට අනුව මිනීමැරුම් චෝදනාව 2003-08-10 වන දින හදිසි බරපතළ ප්‍රකෝපකාරී ක්‍රියාවකදී ඉඹුල්පේ හිදී ජයවීර මුදියන්සේලාගේ මල්ලිකා ප්‍රියදර්ශනීගේ මරණය සිදු කිරීමෙන් මිනීමැරීමක්‌ නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්‌ යන වරද සිදුකිරීමක්‌ ලෙසට සංශෝධනය කරන ලදී. එම චෝදනාව පසුගිය සැප්තැම්බර් මස 26 වන දින අධිකරණයට කැඳ වූ ප්‍රේමවර්ධනට කියවා දෙන ලදී. ඔහු එම චෝදනාවට වරද පිළිගත් අතර රත්නපුර මහාධිකරණ විනිසුරු මොහාන් සෙනවිරත්න මහතා විත්තිකරු බරපතළ වැඩ ඇතිව වසර 9 ක සිර දඬුවමකට සහ රුපියල් 250 ක දඩයකට යටත් කළේය.

No comments: