Sunday, November 11, 2012

බිරිඳගේ ලාබාල මිතුරු සිසුවියට ගුවන් භටයා අතවර කරලා

අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක ගුවන් හමුදාවට අනුයුක්තව කුරුන්ද හන්දියේ ආරක්‍ෂක කුටියක සේවය කළ ගුවන් භටයෙකු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක මහතා ‍ඊයේ (10) නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත වූයේ පොල්පිතිගම පදිංචි අවුරුදු 22 ක ගුවන් හමුදා භටයෙකි. දූෂණයට ලක් වූයේ යැයි කියන දැරිය 10 වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවකි. ඇය පදිංචි නිවස කුරුන්ද හන්දියේ පිහිටා ඇත. පසුගිය 09 දා මෙම ශිෂ්‍යාවට හිසේ කැක්කුමක් සෑදී පාසල් නොගොස් නිවසේ නතරව සිට ඇත. දෙමව්පියන් රැකියාවට නිවසින් පිටව ගොස්ය. නිවසේ කිසිවෙකු සිට නැත. ගුවන් භටයා යැයි කියන මේ තැනැත්තා පෙ.ව. 10.00 ට පමණ දැරිය සිටින නිවසට පැමිණ තිබේ. ඇයව ඔහු අතින් ඇද ගෙන ගොස් දූෂණයට ලක් කළ බව පැමිණිල්ලේ සඳහන්ය. මීගමුව දිසා රෝහලින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ මෙම දැරිය දූෂණයට ලක්ව ඇති බව සඳහන්ය. දූෂණයට ලක්වූ ශිෂ්‍යාවගේ මිතුරියක් සමඟ මෙම සැකකාර ගුවන් භටයා විවාහ වී සිටින බවද පොලිසිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන්ය.

No comments: