Wednesday, November 14, 2012
සීයාගෙන් මිණිබිරියට අතවර
පාසල්
පංති කාමරය තුළ සිටි දරුවන් අතර අනෙකුත් ශිෂ්‍යාවන්ට වඩා නිතරම බියකින් හා
චකිතයකින් සිටි පාසල් දැරියක පිළිබඳව අවධානයෙන් සිටි පංතිභාර ගුරුවරියට
සීයා අතින් එම දැරිය දිගින් දිගටම දූෂණයට ලක් වන බව දැන ගැනීමට හැකි වී
තිබේ. ඒ අනුව සිද්ධිය විදුහල්පතිවරයා මඟින් ගම්පොළ පොලිසියට දැන්වූ පසු
සැකකරු අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වෙත ඉදිරිපත්
කිරීමෙන් පසු ලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු
ලැබීය. රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොළ කීරපන සඳ සිරිවත්ත පදිංචි 52
හැවිරිදි අයෙකි. 11 හැවිරිදි මෙම ශිෂ්‍යාව 6 වසරේ ඉගෙනුම ලබන අතර මෙම
දැරියගේ මව විදේශගතව සිටි. පියා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රැකියාවක නිරතව
සිටි. මේ නිසා දැරිය ඥාති සීයා කෙනෙකුගේ නිවසේ නවතා පාසල් යවා ඇත. එහිදී
මෙම දැරිය මෙසේ දිගින් දිගටම දූෂණයට ලක්ව ඇති බව පරික්ෂණ වලින් අනාවරණය වී
ඇති අතර ගම්පොළ පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත්වූහ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment