Wednesday, November 14, 2012
පුද්ගලික බසයේ ගමන් කළ මගියාගේ අත සිරුරෙන් ගැලවෙයි
ලුණුගල
සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථයක් කුරුවිට ප්‍රදේශයේ දී
වැලි ප්‍රවාහනය කරන ටිපර් රථයක ගැටීමෙන් බස්යේ සිටි මගියෙකුගේ අතක්
සම්පූර්ණයෙන් සිරුරෙන් ගැල වී බරපතල තුවාල ලබා රත්නපුර මහ රෝහලට ඇතුළත් කර
ඇත. තුවාල ලැබූ රෝගියා එක් ත්‍රීවිලරයකත් පසුව සොයාගත්
ඔහුගේ අත තවත් ත්‍රිවිලරයකත් රෝහල වෙත යවනු ලැබිණ. අද (14) පස්වරු 2.15 ට
පමණ මෙම අනතුර සිදු වී තිබේ. තුවාලකරු හපුතලේ පදිංචි එම්.මහේන්ද්‍රන්
නැමැති 42 හැවිරිදි අයෙක් බව කුරුවිට පොලිසිය කියයි. මෙම බස්රිය ලුණුගල සිට
කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී කුරුවිට ප්‍රදේශයේ දී රත්නපුර දෙසට ධාවනය
වෙමින් තිබූ ටිපර් රථයක් බස් රියේ බඳේ වැදී තිබ්. එම ගැටුමෙන් බස් රථයේ
පිටුපස අසුන් කීපයකට බරපතල හානි සිදු වී ඇති අතර ඉන් එක් ආසනයක සිටි මෙම
මගියාගේ අත උරහිසෙන් ගැලවී ගොස් ඇත. කුරුවිට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment