Monday, November 12, 2012

ජනපතිට සෙත් පතා සති පිරිත් පින්කම අද අනුරාධපුරයේදී

ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හා ජන්ම දිනය වෙනුවෙන් ජනාධිපතිතුමාට, රජයට, රටට, ජනතාවට සෙත් පතා පවත්වනු ලබන සති පිරිත් මහා සජ්ඣායනාව අද (12) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආරම්භ වේ.
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසනා මත උතුරුමැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන්ගේ දායකත්වයෙන් අනුරාධපුර මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා ප්‍රධාන කමිටුවක් මගින් මෙය සංවිධානය කරනු ලබයි. මේ අනුව අද පස්වරු 3.00ට තිසාවැව ජලාශයෙන් ලබාත් ජලය සහිත භාජන රැගත් පැන් පෙරහර ඉසුරුමුණිය රජමහා විහාරස්ථානය අභියසින් ආරම්භවී, මහ බෝ සමිඳුන් අභියස දක්වා ගමන් කරනු ඇත.
රාත්‍රී 8.00 මල්පෙරහර බෝ සමිඳුන් අභියස සිට රුවන් මැලි මහ සෑය දක්වා ගමන් කෙරේ. පිරිත් පේ කිරීම රාත්‍රී 9.00ට සිදුකරනු ලබයි.
දහඅට(18) දින දේවදූත පෙරහර හා රාත්‍රී 9.00ට දොරකඩඅස්න දේශනාව පවත්වා දහනව (19) දින දහවල් මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් සති පිරිත් සජ්ක්‍ධායනා පිංකම අවසන් වේ.

No comments: