ගෝල්ඩන් කී නඩුවෙන් අගවිනිසුරු ඉවත් වෙයි
ගෝල්ඩන්
කී තැන්පත්කරුවන් විසින් ශ්‍රේෂාඨාධිකරණයට ගොනු කර දැනට විභාග වෙමින්
පවතින රුපියල් බිලියන 26 නඩු විභාගය සඳහා සිටින ත්‍රිපුද්ගල විනිසුරු
මඩුල්ලෙන් මෙන්ම සෙලින්කෝ ගිණුම් නඩු තුනෙන්ද තමන් ඉල්ලා අස්වන බවත් ඒ සඳහා
වෙනත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර ඇති බවත් අගවිනිසුරු ආචාර්ය
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියාය.
ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ පෙත්සම් අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය මේ බව කීවාය.
No comments:
Post a Comment