පොලිස්
විශේෂ කාර්ය බලකාය මෙයට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරය වටකොට
දැවැන්ත සෝදිසියක් ආරම්භ කළේය. පොලිස් නිල සුනඛයින් ද බෝම්බ සොයන උපකරණද
සමඟ බන්ධනාගාරය වටලනු ලැබූ එම කණ්ඩායමේ පන්සියයක් පමණ විශේෂ කාර්ය බලකා
සාමාජිකයින් සිටි අතර රැදවියන් පරීක්ෂාව සිදුකරන අතරතුර ඒ සදහා යම් විරෝධයක් රැදවියන්ගෙන් එල්ල වී තිබේ. මෙහිදී රැදවියන් කෑකෝ ගසන්නටත් යම් යම් කලබල කිරීම් කරන්නටත් පටන්ගෙන තිබේ.මේ අතර එම නොසන්සුන්තාවය මැඩලන්නට කදුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුව තිබෙන බවත් වාර්තා වේ.
බන්ධනාගාරය
තුළ සිටිමින් රැදවියන් කරන මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල කටයුතු
අධ්‍යනය කිරීමත් මෙම මෙහෙයුමේ අරමුණ බව විශේෂ කාර්ය බලකා ප්‍රධානියෙක්
සඳහන් කළේය. වැලිකඩ බන්ධනාගාර සෝදිසියේ දී බන්ධනාගාරයේ ආරක්ෂාව පවා විශේෂ
කාර්ය බලකාය සියතට ගෙන ඇති අතර සිරමැදිරිවල සිටි රැදවියන් සියලු දෙනාම වෙන්
වෙන් වශයෙන් පිටතට ගෙන මාංචු දමා ඔවුන්ගේ ශරීර පරික්ෂාවක් ද කළ බව සඳහන්ය.
No comments:
Post a Comment