Thursday, November 8, 2012
සෙනෙහෙබර දියණියන් සමඟ විජයග්‍රහණය සමරන ඔබාමා
රිපබ්ලිකන් පක්ෂයේ මිට් රොම්නි පරාජයට පත් කිරීමත් සමඟ තම දෙවැනි නිල කාලය
දීර්ඝ කැරගත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරැක් ඔබාමා පසු ගිය බදාදා(7)
ජයඝෝෂා නඟන තම ආධාරකරුවන් සහ හිතවතුන් අමතා පැවසුවේ වඩා හොඳ දේවල් එන්නට
තියෙන්නේ ඉදිරියේ දී බවයි.
විජයග්‍රහණය සමරන චිකාගෝ නගරයේ වේදිකාවක් මතට තම සෙනෙහෙබර දියණියන්
දෙදෙනා තුරුළු කැර ගෙන ගොඩවුණු ජනපති ඔබාමා තම තේමාව ලෙස ගෙන හැර පෑවේ මධ්‍යම
පන්තික ජනතාව සහ අමෙරිකානු සිහිනය ජය ගැන්වීමයි. එහිදී තවදුරටත් අදහස්
දැක්වූ ජනපති ඔබාමා සිය ගණන් ඔල්වරසන් දෙන ආධාරකරුවන්ට පැවසුවේ
‘‘අමෙරිකානු ජනතාව මේ ජයග්‍රහණය මඟින් සිහියට නංවන්නේ ‘අප යන මාවත දුෂ්කර
වුවත් අප යන චාරිකාව දිගු වූවත් අප අපවම උසස් කැර ගෙන ඇති’’ බවයි
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment