Friday, November 16, 2012
අල්ලස් ගත් රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසියි
සමාජ සේවා නිලධාරියෙකුගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරියෙකුගේ ප‍්‍රජා අයිතිය වසර 7 කට අත්හිටුවන්නට කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන 15 වනදා නියම කළ අතර එම තීන්දුවට අනුව ඔවුන්ට ඡන්දය ඉල්ලීමේ හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය අහෝසිව යයි. එමෙන්ම ඔහුට හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුට රාජ්‍ය සේවයට එක්වීමට ද අවස්ථාව අහිමිව යයි. මෙම තීන්දුව ලබා දුන්නේ අල්ලස් ලබා ගත් බවට වූ චෝදනාවකට ඔවුන් වැරදිකරුවන් වූ නිසාය. කල් ඉකුත් වූ සෝඩා බෝතලයක් හා උපරිම සිල්ලර මිල ඉක්මවා හාල් කිලෝවක් අලෙවි කළ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ඉල්ලා රුපියල් 15,000 ක් ලබා ගැනීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියාට චෝදනා එල්ල වී තිබූ අතර ඉකුත් සුළි සුළගින් හානි වූ නිවසකට සහනාධාර ලබාදීම සඳහා මුස්ලිම් ජාතිකයෙකුගෙන් අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීම පිළිබඳ සමාජ සේවා නිලධාරියාට චෝදනා එල්ල වී තිබිනි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment