නළඟනට එරෙහි චෝදනා බොරු බව පවසයි
නාගයකු ළඟ තබා ගත්තේ යැයි පවසා කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටි දී සැකපිට අත්අඩංගුවට ගත් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) නමති නළඟනට එරෙහිව වන චෝදනා පිළිබඳව මූලික විරෝධතා මතු කිරීම සඳහා අද(15) අවසර
දුනි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් එම අවසරය ලබා
දුන් අතර නාගයකු ළඟ තබා ගැනීම සත්ව හිංසා පනතට අනුව වරදක් බව පොලිසිය කියා සිටියේය. එහෙත් ඒ චෝදනා ප්‍රතික්ෂේප කරන බව නිරෝෂා විමලරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා පැවැසීය.
No comments:
Post a Comment