Wednesday, November 14, 2012

අනුරාධපුර පොලිසියේ රාළහාමිලා දෙදෙනෙක් එකම දවසේ මියයති

අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවයේ යෙදුන කොස්තාපල්වරුන් දෙදෙනෙකු 12 වැනිදා ජීවිතක්‍ෂයට පත් වී ඇත‍. යතුරුපැදි අනතුරකට ලක් වීමෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ එක් කොස්තාපල්වරයකු ජීවිතක්‍ෂයට පත් වී ඇති අතර අනෙක් කොස්තාපල්වරයා හෘද්‍යාබාධයකට ලක් වීමෙන් ජීවිතක්‍ෂයට පත් වී ඇත. අංක 76/1 මාළිගා පෙදෙස, කටුකැලියාව, ගල්කඩවල, අනුරාධපුර ලිපිනයේ පදිංචිව සිටි කොස්තාපල් 62929 ඩබ්. ආර්. සුදත් නාරංගොඩ මහතා (40) ඉකුත් 11 දින යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී ලොලුගස්වැව හංදිය ප්‍රදේශයේ දී නවතා තිබූ දොඹකරයක හැපී අනතුරට ලක් වී බරපතල තුවාල ලබා කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී 12 වැනිදා ජීවිතක්‍ෂයට පත් වී ඇත. අංක 20/ 15 හාලි ඇළ, බදුල්ල පදිංචි පොලිස් කොස්තාපල් 47751 රත්නායක මුදියන්සේලාගේ නන්දසේන රත්නායක මහතා (39) හදිසියේ ඇති වූ හෘද්‍යාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත් වී ඇත.

No comments: