Monday, November 19, 2012

ශ්‍රී පාද වන්දනා වාරයට නල්ලතන්නිය සැරසේ

මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් (උදුවප් ) මස 27 පුන් පෝය දිනෙන් ආරම්භ වී 2013 මැයි (වෙසක්) මස පසළොස්වක පෝය දිනයෙන් නිමාවට පත් වේ. එළබෙන ශ්‍රීපාද වන්දනා වාරයේ දී නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයෙන් ( හැටන් මාර්ගය) ශ්‍රී පාදය බලා පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත දෙස් විදෙස් වන්දනා කරුවන්ට අවශ්‍ය ආරක්ෂාව ඇතුළු පොදු පහසුකම් සැපයීම පිළිබඳව රාජ්‍ය නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන් ශ්‍රී පාද සම්බන්ධිකරණ රැස්වීම දෙසැම්බර් මස 07 වෙනි දින නල්ලතන්නිය නගරයේ පිහිටි මහජන සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී එදින පෙ.ව 10.00 ට පැවැත්වෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතා පැවසීය.

No comments: