Monday, November 19, 2012

යතුරු පැදිය සහ විදුලි කණුව මරු ගෙන එයි

හික්කඩුව, වැල්ලවත්ත වංගුව අසළදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ යතුරු පැදි කරු අද (19) මිය ගොස් ඇත. රිය අනතුරින් මිය ගොස් ඇත්තේ කළුපේ, හික්කඩුව ප්‍රදේශයේ පදිංචි දේමුණි තුසන්ත නැමැති (39) තැනැත්තෙකි. අද (19) කොළඹ ගාල්ල මාර්ගයේ හික්කඩුව, වැල්ලවත්ත වංගුව අසලදී ධාවනය කළ යතුරු පැදියක් ලෙස්සා ගොස් අසළ ඇති විදුලි රැහැන් කණුවක වැදී යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කි‍රීමෙන් පසු මියගොස් ඇත. මිය ගිය තැනැත්තාගේ මෘත ශරීරය කරාපිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇත. රිය අනතුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වති.

No comments: