හිටපු නියෝජ්‍ය ඇමැතිගේ පුතා රිය අනතුරින් මරුට.....
විදේශ
කටයුතු පිළිඹඳ හිටපු නියෝජ්‍ය ඇමැති හුසේන් බයිලාගේ පුත්‍රයකු වූ නජීම්
හුසේන් බහිලා (28) මහතා ඊයේ (04) රාත්‍රියේ මනම්පිටිය, මහවැව 85 කනුව අසල
ප්‍රදේශයේ දී ලොරියක ගැටීමෙන් මියගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
මනම්පිටිය, මහවැව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ ගොවිපොළට යමින් සිටියදී 04
වැනිදා රාත්‍රි 10.45 ට පමණ මෙම අනතුර සිදු වී තිබෙන බව පොලිසිය පවසයි.
තුවාලකරු පොළොන්නරුව රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටි බව පොලිසිය
වැඩිදුරටත් සඳහන් කරයි.
No comments:
Post a Comment