14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක් අපයෝජනය කළ 17 හැවිරිදි තරුණයෙකු හා ඊට ආධාර අනුබල දුන් 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් බාල වයස්කාරියක තිරප්පන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් ඊයේ (04 වනදා) අත්අඩංගුවට ගෙන ඇත.
අපයෝජනයට ලක් වූ බව කියන තිරප්පනය පොලිස් වසමේ විද්‍යාලයක 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියගේ මව විසින් තිරප්පනය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවිය 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාල වයස්කාරියට හා දාහත් හැවිරිදි තරුණයාට නිවසේ කාමරය ලබා දී ඔවුන් දෙදෙනාට එකට සිටීමට අවස්ථාව උදා කර දී ඇය නිවසින් බැහැරව යන බවත් සිද්ධියට ආධාර අනුබල දුන් සිසුවිය ගේ මව විදේශ ගත වී ඇති බවත්, පියා නිවසේ නොමැති අවස්ථාවලදී ඊට උපකාර කර ඇති බවත් පොලිසිය පවසයි.
සැකකාරියත් සැකකරුත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් පන්දහසක ශරීර ඇප මත මුදා හැර ඇති අතර අපයෝජනයට ලක්වූ බව කියන සිසුවිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

No comments:
Post a Comment