අක්මීමන සමූපේ ස්ථාවර තැන්පත් ආගිය අතක් නැතිලු

අක්මීමන
විවිධ සේවා සමූපකාර සමිතියේ 2011 වසරේදී පාරිභෝගික ස්ථාවර තැන්පත් ලෙස
එකතුකර ඇති රුපියල් අසූහය ලක්‍ෂයක් මේ වනවිට සමිතියෙන් අස්ථානගතව ඇතැයි
වත්මන් සභාපති පාලිත අබේවර්ධන මහතා සඳහන් කරයි. දකුණු පළාත් සමූපකාර
සංවර්ධන කොමසාරිස් වරයාගේ අවසරයකින් තොරව ස මිතියේ හිටපු පාළන අධිකාරිය
විසින් මෙම ස්ථාවර තැන්පත් නිකුත්කර ඇති බවද පැවසේ. තැන්පත් කරුවන් සියයක්
එකසිය පණහක් අතර සංඛ්‍යාවකගෙන් මෙම ස්ථාවර තැන්පත් එක් රැස් කර ඇති බවත්
ස්ථාවර තැන්පතු සිය තැන්පත් සහ ඊට අදාල පොලී ඉල්ලා සිටියත් ඒවා ලබා දීමට
ගෙවීම් කිරිම සඳහා සමිතිය සතුව මුදල් නොමැති බැවින් සමූපකාර සමිතිය
ගැටළුවකට මුහුණ පා අති බවද සභාපතිවරයා සඳහන් කරයි. මේ ගැටළු සහගත තත්වය
යටතේ සමිතිය සතු ග්‍රාමීය බැංකුවල තැන්පත්ව ඇති කෝටි 17 ක මුදලින් අසරණ බව
පත්වූ ගණුදෙනුකරුවන්ට මුදල් ගෙවීමට සමූපකාර සංවර්ධන කොමසාරිස්වරියගේන
ඉල්ලීමක් සිදුකළ බවත් එය ඉටු කල නොහැකි හේතුවෙන් සමිතිය සතු දේපල විකුණා
ගණුදෙනුකරුවන්ට මුදල් ගෙවන ලෙස කොමසාරිස් වරිය ගෙන් උපදෙස් ලැබුණු බවද
සභාපති වරයා කීය. එසේ වුවද විකුණා දැමීමට නිරවුල් දේපලක් සමිතිය සතුව
නොමැති බැවින් පෙර සිටි පාලකාධිකාරීන්ගේ පව් ගෙවීමට තමාට සිදු වඇති බවද
සභාපති පාලිත අමරවර්ධන සඳහක් කළේය. කෙසේ උවද තමා සභාපති තනතුරට පත්වීමෙන්
අනතුරුව පසු ප්‍රදේශ 24 න් සමිති තුනක් ලාබ ලබන තත්වයට පත්කර ඇති බවද ඔහු
කියා සිටියේය.
No comments:
Post a Comment