-වගා ණය පොලී මුළුමණින්ම කපයි
-අඩු ආදායම් පාසල් දරුවනට සහන
-රාජ්‍ය සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කෙරේ
-ඉඩම් විදේශිකයින්ට විකිණීම සම්පූර්ණයෙන් තහනම්
-මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තූ වැඩි කෙරේ
2013 වසර සඳහා වන අය වැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීම මේවන විට සිදුවෙන අතර මෙය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ 8 වැනි අයවැය වේ. ජාතික සංවිධානයේ කේන්ද්‍රස්ථානය බවට පංසල, පල්ලිය සහ කෝවිල පත් කරන බවත් කී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශ ආදායම වැඩි වර්ධනය කර රජයේ ණය සීමාව පහත හෙලීමට ද ලබන වසරේ ආර්ථික සංවර්ධනය 8% දක්වා වැඩි කිරීමට ද අදහස් කරන බවද කීය.
අඩු ආදායම් පාසල් දරුවනට සපත්තු කුට්ටමක් , හුදකලා පාසල් දරුවන්ට ධාන්‍ය, කිරි, බිත්තරවලින් සමන්විත ආහාර වේලක් වසර මැදදී සෑම දරුවකුටම අමතර නිල ඇඳුමක් ලබා දීමටද ජනාධිපතිවරයා අයවැයෙන් යෝජනා කරයි.
ආරක්ෂක සේවයේ නියුතු සාමාජිකයින්ගේ පවුල් සඳහා වසර 3කට බලපැවැත්වෙන පරිදි සහනදායී පුද්ගලික ණය ප්‍රදානයක් ලබාදීමට කටයුතු කරන බව පවසන ජනාධිපතිවරයා ඒ සඳහා 2013 අය වැයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කරනු ලැබීය.
මහ කන්නයේ වගාව සඳහා ගොවීන් විසින් ලබාගත් ණය යළි අයකර නොගන්නා ලෙස ඉල්ලා සිටින ජනාධිපතිවරයා අදාළ ණය සඳහා ගෙවිය යුතු පොලිය මුළුමණින්ම කපා හරින බවද සඳහන් කරයි. ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 32 -35ත් අතර මිලකට ගැනීමට ද පියවර ගන්නා බවත් කිලෝ ග්‍රෑම් 50ක් බර පොහොර මිටියක් රුපියල් 450ක ස්ථාවර මිලකට ලබාදීමට පොහොර සංස්ථාවට උපදෙස් දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. රාජ්‍ය සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කිරීමට ජනපතිවරයා යෝජනා කරයි. විදේශ මුදල් ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට බැංකුවල විදේශ මුදල් ගිණුම් විවෘත කිරීමට හා දේශීය වෙළෙඳපොළේ විදේශීය මුදල් ආයෝජනය කිරීමටත් පියවර ගන්නා බව ජනපතිවරයා පැවසීය.
2013 මෝටර් රථ ආදායම් බලපත්‍ර ගාස්තූ වැඩි කිරීමට පියවර ගන්නා බව පවසන ජනාධිපතිවරයා රේසීං මෝටර් රථ බදු ගාස්තූවලින් ඉවත් කරන බව පවසයි. ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා ද වැඩ කටයුතු රාශියක් ක්‍රියාත්මක කරන බවත් පවසයි. මෙරට ඉඩම් විදේශිකයින්ට විකිණීම සම්පූර්ණයෙන් තහනම් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ලංකාව මෙන් 27 ගුණයක් විශාල රට වටේ සාරයේ සම්පත්වලින් උපරිම ආදායම් ලබාගැනීම සඳහා සාගර ආර්ථික සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයක් පිහිටුවන බවත් 2 උම්බලකඩ සහ කරවල නිෂ්පාදනය දිරිමත් කිරීමටත්, කුඩා ව්‍යාපාරිකයනට ආදායම් හා බදු සහන සලසා දීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

No comments:
Post a Comment