Sunday, November 4, 2012

නවසීලන්තය පරදා ශ‍්‍රී ලංකාව දිනයි

සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ අද (04) පැවැති තරගයට ද වර්ෂාවෙන් බාධා සිදුවීම නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 14ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ ඇද හැළුනු වර්ෂාව නිසා තරඟය අත්හිටවූ අතර ඩක්වර්ත් සහ ලූවිස් ක‍්‍රමය අනුව ශ‍්‍රී ලංකාවට ජයග‍්‍රහණය ලබා දෙනු ලැබිණි.

මුලින් පන්දුවට පහර දුන් නවසීලන්තය සිය පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6ක් දැවී ලකුණු 250ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 22.5ක් අවසානයේ වර්ෂාව ඇදහැලෙන විට කඩුළු 03ක් දැවී ලකුණු 118ක් ලබා සිටියේය.

No comments: