Friday, November 16, 2012

පන්විලතැන්නෙත් සිසුහු 40ක් ලෙඩ වෙති

ගම්‍පොළ පන්විලතැන්න මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 40 දෙනකු රෝගී වී පන්විලතැන්න ග්‍රාමීය රෝහලට ඊයේ (15) ඇතුළත් කර ඇත. ඊයේ (15) දහවල් පාසල් කාලය තුළදී සිසුන් රෝගී වී ඇති අතර ඔවුන්ට යම් අසාත්මිකතාවක් ඇති වී ඇතැයි පන්විලතැන්න ග්‍රාමීය රෝහ‍ලේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය. මේ අයුරින්ම පෙරේදා (14) ගම්‍පොළ ජිනරතන බාලිකා මහ විද්‍යාලයේ ශිෂ්‍යාවන් 1000කට අධික ප්‍රමාණයක් රෝගී වී ගම්‍පොළ රෝහලට ඇතුළත් කරනු ලැබිය. එම පාසලද ලබන 19 තෙක් වසා දමා ඇති අතර පන්විලතැන්න මහා විද්‍යාලයද තාවකාලිකව වසා දැමීමට ගම්‍පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා සී. වීරකෝන් මහත්මිය කටයුතු කර ඇත. පාසල් ළමුන් මේ අයුරින් රෝගී වීම පිළිබඳ විවිධ අංශ මගින් පරීක්ෂණ අරඹා ඇත.

No comments: