Thursday, November 8, 2012

කොටස් වෙළඳපොල සුළු වර්ධනයක්.

2013 වසර සඳහා අයවැය යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු අද දිනයේ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශකවල සුළු වර්ධනයක් දක්නට ලැබුණා. අයවැය යෝජනා ඉදිරිපත් කර අවසන් වන විට කොටස් වෙළඳපොල ගණුදෙණු නිමා කර තිබූ බවයි තැරැව්කරුවන් ප‍්‍රකාශ කළේ. අද දින සමස්ථ දර්ශකය ඒකක 10 කින් පමළ ඉහළ ගොස් දිනය අවසනදී 5580 යි දශම 8 යි 4 ක් ලෙස සටහන් වුණා. මිලංකා දර්ශකය සටහන් වූයේ 5127 යි දශම 9 යි 6 ක් ලෙසයි. කොළඹ කොටස් වෙළඳපොලේ අද දින මුළු පිරිවැටුම රුපියල් මිලියන 540 කට ආසන්නව පැවතුණා. අද ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා වූයේ කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරන, මහජනතාව වෙත සියයට 20 ක කොටස් නිකුත් කිරීමට බලාපොරොත්තු වන නව සමාගම්වලට වසර 3 ක බදු විරාමයක් ලබාදීමටයි.

No comments: