Friday, November 9, 2012

නවසීලන්තයට‍ එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය.

කණ්ඩායමේ උප නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ප්‍රසන්න ජයවර්ධන, සුරාජ් රන්දිව්, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, ධම්මික ප්‍රසාද්, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, පී.එච්.ඩී.කෞෂාල් හා ෂමින්ද එරංග යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්ය.

ටෙස්ට් තරග දෙකකින් යුත් මෙම තරගාවලියේ ප්‍රථම තරගය ලබන 17 වැනිදා ආරම්භ වේ.

දෙවන තරගය ලබන 25 වැනිදා ආරම්භ වීමට නියමිතය.

No comments: