Sunday, November 18, 2012
මාල හොරු කඩල ගෝනියට කොටුවෙයි
කාන්තාවක්
ගෙල බැදි රන්මාලයක් පැහැරගෙන පලායාමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙකුට අවට
සිටි අය පහර දීම නිසා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත. රෝහල් ගත කර ඇත්තේ
බඩල්ගම ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකි. එක් අයෙක් කොළඹ ජාතික රෝහලටද
අනෙක් තැනැත්තා මීගමුව දිසා රෝහලටද ඇතුළත් කර තිබේ. මුන්නක්කරය පදිංචි
කේ.මේරි. දමයන්ති පීරිස් නම් වූ ඇය තම දියණියන් දෙදෙනා උපකාරක පන්තියේ සිට
15 දා සවස 6.30 ට පමණ නිවසකරා යතුරු පැදියකින් ගෙන එමින් සිට ඇති අතර
කාන්තාවන් ගමන් කරමින් සිටි විරුද්ධ දෙසින් යතුරු පැදියක නැඟ පැමිණි
දෙදෙනෙක් කාන්තාව ගෙල පැලද සිටි රන් මාලය පැහැරගෙන පලා යාමට තැත්කර ඇත.
කාන්තාව දරු දෙදෙනා සමඟ බිම වැටී ඇත. කාන්තාවගේ කෑ ගැසීමට අවට සිටි ජනතාව
රොක් වී ඇති අතර කඩල ගෝනියක් හිසමත තබාගෙන ගිය අයෙක් කඩල ගෝනිය මාලය
පැහැරගෙන යන අයගේ යතුරු පැදිය දෙසට විසිකර දමා තිබේ. එවිට යතුරු පැදිය සමඟ
පැහැර ගත් දෙදෙනා බිම වැටුණූ විට අවට සිටි අය ඒ දෙදෙනාට පැහර දී ඇත. මාලයේ
කොටසක් බිම වැටී තිබුණු අතර එක්කොටසක් සැකරුවෙකුගේ සන්තකයේ තිබී පොලිසිය
සොයා ගෙන තිබේ.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment