මඩකලපුව
ප්‍රදේශයේ ද්‍රවිඩ ජාතික පුද්ගලයින් දෙදෙනෙකු 16 දින කොළඹ දී වැන්රථයේ
රියදුරුට කථා කොට තිබෙන අතර මඩකලපුව ප්‍රදේශයෙන් පුද්ගලයින් රට යවන
ඒජන්සියකට තරුණියන් තිදෙනෙකු ගෙනයාමට කථා කොට මඩකලපුව ගොස් ඇත. පසුව
මඩකලපුව ලොජ් එකට ගොස් එහි සිටි තරුණයින් තිදෙනෙකු සමඟ තරුණියන් සිටින
ප්‍රදේශයට ගොස් ඒ අය රැගෙන එන ලෙස දන්වා ඇත්තේ එතෙක් තමන් එම ලොජ් එකේ
සිටින බව රියදුරාට පවසමිනි. ඒ අනුව රියදුරා සමඟ ඊට ගොඩ වන අර තරුණයන්
තිදෙනා කිලෝමීටර් 50 ක් පමණ සේරුවිල පොලිස් කොට්ඨාසයේ කඩලගමුව ප්‍රදේශයේ දී
වාහනය නවත්වා අරක්කු බෝතලයක් කඩා රියදුරාට පහර දී බෙල්ල මිරිකා අරක්කු
බෝතලයෙන්ද පහර දී ඔහු වාහනයෙන් ඇද දමා වාහනය රැගෙන පලාගොස් ඇත. ටික වේලාවකට
පසු සිහිය පැමිණි රියදුරු සේරුනුවර පොලිසියට භාර දී ඇත.

No comments:
Post a Comment