Monday, November 12, 2012

සෑම රෝහලකටම මිතුරු පියස ප්‍රතිකාර ඒකක

රට පුරා පිහිටි සෑම රෝහලකටම "මිතුරු පියස" නමින් විශේෂ ප්‍රතිකාර ඒකකයන් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.
ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිසා කාන්තාවන්ට සිදු වන හිංසනය වැළැක්වීම, අවම කිරීම හා හිංසනයට භාජනය වූ අයට සහන සැලසීමේ අරමුණෙන් මේ වැඩපිළිවෙළ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ආරම්භ කෙරේ.
ලිංගික අඩන්තේට්ටම්වලට සහ ගෘහස්ථ ප්‍රචණ්ඩතාවට ගොදුරු වන කාන්තාවන් මෑත කාල‍යේදී බහුල ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙසේ ගොදුරු වන කාන්තාවන් ප්‍රධාන වශයෙන් අඩු වයසින් විවාහ වූවන් බවත් ඇමැතිවරයා පවසයි.
නූගත්කම සහ දුප්පත්කම නිසා අඩු වයසින් විවාහ වන ගැහැණු දරුවන්ට යුග දිවියක් ගත කිරීම පිළිබඳ දැනුමක්, අවබෝධයක් නොමැතිකම හේතුවෙන් විවාහ ජීවිතයේදී ගැටලු ඇති වේ.
ස්වාමි පුරුෂයන්ගේ අඩන්තේට්ටම් හා හිරිහැරවලට ලක්වන කාන්තාවන් තම ගැටලුව කියා ගැනීමට කෙනෙක් නැතිව විවිධ මානසික ගැටලුවලට ගොදුරු වේ. එවැනි කාන්තාවන්ට පිහිටක් ලබාදීම සඳහා මේ ‘මිතුරු පියස’ ඒකක විවෘත කෙරේ.

No comments: