Tuesday, November 13, 2012
උණවටුනේ මංකොල්ලයේ සැකකරු බඩු සමඟ අල්ලයි
ගාලු
- මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුනේදී පසුගිය ඔක්තෝම්බර් 13 වනදා සිදු වූ උණවටුන
යූ.බී.ආර් හෝටලයේ රුපියල් 15 ලක්‍ෂයේ සේවක වැටුප් මහදවල් මංකොල්ලයේ
ප්‍රධාන සැකකරු කොල්ලය සඳහා යොදා ගත් යතුරු පැදිය සහ කොල්ලකන ලද මුදල්
කොටසක්ද එම මුදලින් මිලදීගත් දේපොලද සමඟ හබරාදූව පොලිසිය විසින් 11 වනදා
පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රධාන සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ
පුද්ගලයෙකු වන අතර කොල්ලකන ලද මුදල් රුපියල් ලක්‍ෂ 3 ක් නවීන පන්නයේ
ත්‍රිරෝද රථයයක් අල්මාරියක් පර්චස් 31 ක් ඉඩම් ඔප්පුවක් ඇතුළු භාණ්ඩ කීපයක්
සැකකරුගෙන් සොයා ගෙන තිබේ. මෙම කොල්ලයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මොහු
මුදල් කොල්ලයේ සැලසුම්කරු ලෙස පොලිස් පරික්‍ෂණ වලදී හඳුනාගෙන තිබේ .සැකකරු
අදාල හෝටල් සේවකයෙකු බවද හෙළිවී ඇති අතර වැඩිදුර පරික්‍ෂණ ගාල්ල පොලිසිය
විසින් සිදුකරයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment